×

ආසියාවේ ආශ්චර්යය චීනය?

චීනය මධ්‍යම හා දකුණු ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීමට ඉති විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දී ඇති බවට අධ්‍යයන වාර්තාවක් හෙලිදරව් කරයි.


රාජ්‍ය තාන්ත්‍රිකභාවය අතින් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන චීනය මධ්‍යම හා දකුණු ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා පකිස්තානය, කසකස්තානය ආදී රට වලට අති විශාල මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවට මෑතකදී කළ අධ්‍යයන වාර්තාවකින් හෙලි වී තිබේ.

“සිල්ක් රෝඩ් ඩිප්ලොමැසි” (Silk Road Diplomacy) ලෙසින් නම් කර ඇති මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඒඩ් ඩේටා (AIDData) නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. මෙකී සංවිධානය එම අධ්‍යයනය සිදුකොට ඇත්තේ ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනය (Asia Society Policy Institute) හා ජාත්‍යන්තර හා උපායමාර්ගික අධ්‍යයන කේන්ද්‍රය (Center for Strategic and International Studies) හා එක්ව ය. එම අධ්‍යයනය තුළින් චීනයේ බීජිං නගරය ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා අනුගමනය කර ඇති විවිධ උපායමාර්ග ප්‍රමාණ කරමින් වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

2000 සහ 2018 අතර කාලය තුළ පාකිස්තානය චීනයේ ජාත්‍යන්තර මූල්‍යකරණයෙන් 30% ක ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත්, කසකස්තානය 26% ක් ලබා ගෙන ඇති බවත් එම වාර්තාව හෙලිදරව් කරයි. මීට අමතරව, එම කාලය ඇතුළත චීනය දකුණු හා මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 126 කට ආසන්න මුදලක් වැය කර ඇති බවද එම වාර්තාව හෙලිදරව් කරයි.

චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියකට ඇමරිකානු ඩොලර් බිලියන 60 ක මුදලක් චීනය විසින් ලබා දී ඇති අතර, ඒ තුළින් පකිස්තානයේ  මහාමාර්ග, නල මාර්ග, කාර්මික උද්‍යාන ඇති කිරීම හා අරාබි මුහුද ඉලක්ක කර ගනිමින්  වරායක් ගොඩනැගීම සඳහා ප්‍රතිපාදන වෙන් කොට ඇති බවට එම අධ්‍යයනය පෙන්වා දෙයි.

මධ්‍යම හා දකුණු ආසියාතික රට වලට චීනය ලබා දුන් මූල්‍ය ආධාර වලින් 95% ක් ම වෙන් කර ඇත්තේ ඒ ඒ රටවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වීම විශේෂත්වයක් වන අතර, ඉතිරි 5% වෙන් කර තිබෙන්නේ සාමාන්‍ය අයවැය සඳහා සහය, මානුෂීය ආධාර සහ ණය සහන ආදිය සඳහා බවද එම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි