×

වසර 30 ක් තිස්සේ චීන රජය, චීනයට අමතක කර වූ නිර්භීත මිනිසා “Tank Man,”

ඔහුව එතැන් පටන් "Tank Man,'' නමින් ලෝකප්‍රකට වූයේ චීන රජයට එරෙහි විරෝධයේ සංඛේතය ලෙසිනි.


ඉහතින් දැක්වෙන්නේ ලෝකය පුරා සුප්‍රසිද්ධ ඡායාරූපයකි. එසේ වුවත් ඊට අදාළ සිදුවීමට මුල් වූ චීනයේ වැසියන් සැබවින්ම මෙම ඡායාරූපය පිළිබදව නොදන්නා තරම්ය. චීන රජය විසින් එවැනි මතකයක් ගැන චීන ජනතාවට අමතක කිරීමෙහි ලා සූක්ෂම ලෙස කට යුතු කර තිබුණේ. සිය ජනතාවට ඇත්ත දැනගැනීමට තිබූ අයිතිවාසිකම පවා ඔවුන්ගෙන් දුරස් කරමිනි.

මේ”Tank Man” නමින් ලෝක ප්‍රසිද්ධ වූ චීනය නොදත් චීන මිනිසා පිළිබද කථාවයි.

මීට හරියටම වසර 30කට පෙර එනම් 1989 ජූනි 4වන දා දවස උදාවී වැඩි කාලයක් ගත වන්නට මත්තෙන් චීන රජය විසින් යුධ ටැංකි පේළියක් සහ හමුදා සේනාංක කිහිපයක්ම බේජිං මධ්‍යයේ පිහිටි ටියනන්මෑන් චත්‍රරශ්‍රය ට යැවූයේ එදා චීන කොමියුනිස්ට් රජයට විරුද්ධව පෙළ ගැසුන දහස් ගණන් ජනතාව ඉන් ඉවත් කිරීමටය.

විරෝධතාකරුවන්ගේ බහුතරයක් ශිෂ්‍යයෝ වූහ. මාස ගණනාවක් පුරා ඔවුන් බීජිං නුවර ටියනන්මෑන් චත්‍රරස්‍රය වටා ප්‍රදේශයේ කදවුරු ලා සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ කොමියුනිස්ට් රජයේ පැවති දැඩි ස්වභාවය මෙන්ම ජනතාව ට දරා ගත නොහැකි තරමේ වූ සහ ඔවුන් පීඩාවට ලක් කළ දරදඩු තීරණ තව දුරටත් තමන්ට ඉවසා සිටින්නට නොහැකි බවත්ය.

ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රජාතාන්ත්‍රවාදය සහ නිදහසය.

නිදහස පතා ටියනන්මෑන් හී කඳවුරු ලා සිටි ජනතාව ඉන් ඉවත් කිරීමට හමුදා භටයින්ට අලුත්ම අවි ආයුධ ලැබී තිබිණ. ” ඒ වෙනුවෙන් තමන්ට අවශ්‍ය වන ඕනෑම පියවරක් ගැනීමට රජයට එල්ල වන බාධාවන් ඉවත් කිරීම වෙනුවෙන් හිතුමතේ කටයුතු කිරීමට ” හමුදාවට පූර්ණ බලතල හිමිව තිබිණි.

සංවේදී කිසිදු හැගීමක් නොමැත්තැන් ලෙස කටයුතු කරන්නට චීන හමුදාව ආරම්භ කළේය. ටියන්මෑන් චතුරස්‍රයේ රැස්ව සිටි ශිෂ්‍යයින් අතරින් ගිය හමුදා භටයින් සිය වෙඩි තැබීම් ආරම්භ කළහ. නිදහස් අත් ඇතිව සිටි ඔවුන්ට තමන්ට එල්ල වන ප්‍රහාර වළකා ගන්නට විදියක් තිබුණේම නැත. සිය ගණනක් අහිංසක ශිෂ්‍යයන් සහ සිවිල් වැසියන් මරා දැමුණු අතර දහස් ගණනක් තුවාල ලැබූහ. එය සැබෑම බිය කරු සිහිණයක් විය. චීන රජයට අනුව මෙහිදී මිය ගියේ සිවිල් වැසියන් සහ ආරක්ෂක නිළධාරීන් 241 වුවත් අනෙකුත් වාර්ථා අනුව මිය ගිය සංඛ්‍යාව 10000කට ආසන්නය. අදටත් එදා කෙතරම් මිනිසුන් මිය ගියාදැයි චීන ජනතාව හෝ නොදත්තෝය.

සිදු වූයේ කුමක්දැයි යන්න හෝ චීනයේ ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිත පූජා කළේ කවුරුන්දැයි යන්න අදටත් ජනතාවගෙන් වසන් කිරීමට චීන රජය සෑම විටකම කටයුතු කරමින් සිටිති. ඒ නිසාවෙන්ම අඩුම තරමේ එදා ටියන්මෑන් චත්‍රරස්‍රයේ සිදු වූ සිදුවීම් හී ඡායාරූප හෝ හදුනා ගැනීමට අද චීන වැසියන් ට නොහැකිය. ඒ කුමක්දැයි යන්න ඔවුහු නොදනිත්.

විරෝධතා කරුවන් පන්නා දැමීමේ මෙහෙයුමේදී තමන් ඉදිරියට එන සියලු බාධකද ඉවත් කරන්නට යුධ ටැංකි මෙහෙය වූ හමුදා නිළධාරීන් කටයුතු කළහ.

එදා ජූනි 02 වන දිනයයි. රජයේ බාධක මෙන්ම තමන් ඉදිරියේද බාධක ඉවත් කරමින් එසේ පෝළිමේ ඉදිරියට ඇදෙන යුධ ටැංකිවල ඉදිරියෙන්ම යන ටැංකිය ඉදිරියට හිටි හැටියේම සුදු කමිසයක් හැදි පුද්ගලයෙකු පැමිණියේය. යුධ ටැංකි ඔහුව මග හැර යන්නට උත්සාහා කළද ඔහු උත්සාහා කළේ ඒවා නතර කරන්නටය.

ඒ අනුකම්පාවක් ඉවක් බවක් නොමැතිව ඇදෙන යුධ ටැංකියක් ඉදිරියට යන්නෙකු ගැන සිතන්නට පවා අපහසු දිනයකි. ඉදිරියේම යුධ ටැංකියකට නැගුණ ඔහු යුධ ටැංකි රියදුරෙකුට ඇමතුවේය. අවට සිටි පිරිසක් පැමිණ ඔහු එතැනින් ඉවත් කළහ.

නිදහස ඉල්ලා සටන් කළ විරෝධතා කරුවන්ව වළකමින් ඇදුනු යුධ ටැංකි අතරට පැන ඒවා නවතන්නට උත්සහ කළ මේ මිනිසාගේ ඡායාරූපය එදා ඡායාරූපයට නැගුවේ ඇමරිකානු ඡායාරූප ශිල්පී ජෙෆ් වයිඩ්නර් විසිනි. කිසිවෙකුත් මේ නිර්භීත මිනිසාගේ නම දැන නොසිටියද ඔහුව එතැන් පටන් “Tank Man,” නමින් ලෝකප්‍රකට වූයේ චීන රජයට එරෙහි විරෝධයේ සංඛේතය ලෙසිනි.

“Tank Man,” ඡායාරූපය වෙනුවෙන් ඡායාරූප ශිල්පී ජෙෆ් වයිඩ්නර් 1990 වසරේදී පුලිට්සර් සම්මානයට පාත්‍ර විය.

වසර 30ක් ගත වී ඇත. අදටත් ටියනැන්මන් චතුරස්‍රය හා බැදුනු රාජ්‍ය විරෝධී චීන නැගිටීම පිළිබදව චීන රජට ඇත්තේ කේන්තියකි. හැකිතාක් එම සිදුවීම අමතක කරන්නට අවශ්‍ය සියලු දේ ඒ නිසාම චීන රජය විසින් අදටත් සිදු කරමින් සිටී. සෑම වසරකම ජූනි 4 වනදා වන විට ටියනැන්මන් ඉතිහාසය හා බැදුණු සියළු keywords සදහා චීන රජය විසින් වාරණ පමුණුවන්නේය එමෙන් ඒ හා බැදුණ ලිපි ලේඛන මෙන්ම ඡායාරූ මේ ආදී සියල්ලම හැකිතාක් ජනතාවගෙන් සගවා සිටින්නට උත්සහා දරන්නේය.

පසු ගිය අප්‍රේල් මාසයේදී ජර්මානු කැමරා නිෂ්පාදන ආයතනයක් වන Leica සමාගම චීනයේ ග්‍රහණයට හසුවූයේ “Tank Man, එම ඡායාරූපය ගැනීාමන් අනතුරුව චීන පොලීසිය මගින් අල්ලා ගැනීමත් ඔහු මිදී පලා යෑමත් සම්බන්ධ වෙළද දැන්වීමක් නිපදවීමෙන් පසුවයි.

චීන සමාජ මාධ්‍ය වන වෙයිබෝ ඇතුළු මාධ්‍ය ගණනාවක් තුළ මෙම වීඩියෝව වාරණය කෙරුණ අතර අදාළ සමාගමද වාරණයට ලක් විය. යූ ටියුබ් තුලින්ද ඔවුන් එම විඩියෝව ඉවත් කිරීමට කටයුතු කරන ලදී,
මේ දැක්වෙන්නේ යූටියුබ් හී දැක ගත හැකි එහි ඇතැම් කොටස්ය.

ජූනි 4 වන දා සම්බන්ධව චීන රජය විසින් සියළු මාධයයට මෙන්ම සමාජ මාධ්‍ය වෙතද උපදෙස් පත්‍රිකාවක් සපයා ඇති අතර එයට අනුව

  • June 4
  • 6/4 දැක්වීමට යොදා ගන්නා 64
  • වර්ෂයට අදාල IIXVIIIIX සහ 1-9-8-9 යන ඉලක්කම්
  • 4 වන දා යන්න භාවිත නොකර මැයි 35 වන දා තෙක් මැයි මාසය දික් කිරීම‍
  • ඊට අමතරව චීන රජය විසින් මෙම ටියනැන්මන් ඉතිහාසයට අදාල සියළු භාෂාවන්ගෙන් විකිපීඩියා හී අඩංගු ලිපි හා විශේෂාංගද ඉවත් කර ඇත.

ටියනැන්මන් චත්‍රරස්‍රය හා බැදුන චීන වසර 30කට පෙර චීන ඉතිහාසය චීන ජනචතාවගේ මතකයේ කොතැකවත් නැති ලෙස අතුගා දමන්නට අනුකම්පා විරහිතව කයුතු කරමින් සිටින රජය ඒ වෙනුවෙන් එදාටත් වඩා අමානුෂීය තීරණ ගැනීමට අද කටයුතු කරනු ඇත. ඒ කෙසේ වෙතත් චීනයට එකි ඉතිහාසය සම්පූර්ණයෙන් වළලා දැමිය නොහැකිය. ජනතාවගේ පීඩාවන් ගැන .. ප්‍රජාතන්ත්‍රික අයිතීන් වෙනුවෙන් ඔවුන්ට ඇති අයිතිය ගැන ඔවුන් ගේ අදහස් සම්පූර්ණයෙන්ම වළලා දමන්නට චීනටයට ඉඩ නොලැබෙනු ඇත. ඒ වෙනුවෙන් එදා නිර්භීතව සටන් කළ, චීනය නොදත්, ලෝකයම දත්  “Tank Man,” කවදාක හෝ සියළු බාධක බිද චීනයට ගොඩ වදිනු නොඅනුමානය. එමෙන් චීනයට පමණක් නොව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතියට වැට බදින ඕනෑම රටක් තුළට දවසක “Tank Man,” ලා ගේ ආගමනය සිදු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි