×

චීනය, රජයේ COVID-19 ප්‍රතිපත්තිය විවේචකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවයි

බ්‍රිතාන්‍ය පදනම් කරගත් සෞඛ්‍ය දත්ත සමාගමක් වන Airfinity පුරෝකතනය කර ඇත්තේ කර ඇත්තේ Covid හේතුවෙන් චීනයේ සෑම දිනකම පුද්ගලයින් 9,000 ක් පමණ රෝගීන් මිය යන බවයි.


ජනප්‍රිය Sina Weibo සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා කරමින් චීනය රජයේ COVID-19 ප්‍රතිපත්තිය විවේචනය කරන සමාජ මාධ්‍ය ගිනුම් ගිණුම් 1,120 ක් සඳහා තාවකාලික හෝ ස්ථිර තහනමක් නිකුත් කර ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ වන විට චීනයේ පැවැති ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ පැවැති සංචරණ සීමාවන්, මහාපරිමාණ පරීක්ෂණ, නිරන්තර අගුලු ලෑම්, ගෘහස්ත වශයෙන් ධනාත්මක පුද්ගලයන් මුද්‍රා තැබීම් ආදිය නවතා දමා ඇති අතර, විදේශිකයන් වෙනුවෙන් නිරෝධායන නීතිරීතින්ද ඉවත් කර ඇත. මෙම තත්වය පිළිබඳව නිල චයිනා ඩේලි පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, දැඩි රාජ්‍ය පාලන ක්‍රියාමාර්ගයන් හරහා සමාජයට සිදුවන දැඩි බලපෑම පිළිබඳ සලකා බලා වසංගත වැළැක්වීමේ සහ පාලනයේ නව තත්වයන්ට අනුවර්තනය වීම අරමුණු කරගෙන බවයි.

කෙසේ නමුත් චීනයේ තත්වය පිළිබඳ නිල නොවන වාර්තා පවසන්නේ මේ වන විට රෝහල් COVID-19 ආසාධිත පුද්ගලයන්ගෙන් පිරී පවතින බවත්, වැඩිහිටි ප්‍රජාව විශාල වශයෙන් මෙයට ගොදුරු වෙමින් මිය යන බවත්ය. මෙම තත්වයන් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා රාජ්‍ය විරෝධී අදහස් දක්වන බොහෝ දෙනෙක් මෙලෙස සමාජ මාධ්‍ය තහනමට ලක්ව ඇත.


ඉදිරි සති කිහිපයේදී එනම් ජනවාරි 21 සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන රජයේ නිවාඩුව 2020 න් පසු දේශීය සංචාරක සීමාවන් නොමැතිව පළමු නිවාඩුව වනු ඇත. ජාත්‍යන්තර ගුවන් ගමන් තවමත් අඩු වී ඇති අතර, බලධාරීන් අපේක්ෂා කරන්නේ පසුගිය වසරේ එම කාලයට වඩා දේශීය දුම්රිය හා ගුවන් ගමන් දෙගුණයක් වනු ඇති අතර, වසංගතයට පෙර 2019 නිවාඩු කාලයට ආසන්න සංඛ්‍යාවට සමීප වනු ඇති බව බලාපොරොත්තු වේ.

මේ වන විටත් චීනය මහා පරික්ෂණ, මරණ සංඛ්‍යාව, ආසාදන සහ දරුණු අවස්ථා වැනි ඉතා සීමිත මූලික දත්ත ප්‍රමාණයක් සහ නව ප්‍රභේදවල මතුවීම මෙන්ම එන්නත්කරණය ආදිය පිළිබඳ නිල දත්ත අනාවරණය නොකිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලට පත්ව ඇත.

ඊයේ(07)දිනයේදී ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් නව ගෘහස්ථ රෝගීන් 10,681 ක් වාර්තා කළ අතර, රටේ මුළු තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 482,057 බව දක්වා තිබේ. පසුගිය පැය 24 තුළ මරණ තුනක් ද වාර්තා වූ අතර, මුළු නිල COVID-19 මරණ සංඛ්‍යාව 5,267 ලෙස දක්වා ඇත. සමහර පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ඇස්තමේන්තු වල ආසාධිත සංඛ්‍යාව ඉතා කුඩාය. නැගෙනහිර වෙරළ තීරයේ පළාතක් වන Zhejiang අඟහරුවාදා පැවසුවේ දිනකට නව රෝගීන් මිලියනයක් පමණ දකින බවයි.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය පදනම් කරගත් සෞඛ්‍ය දත්ත සමාගමක් වන Airfinity පුරෝකතනය කර ඇත්තේ කර ඇත්තේ Covid හේතුවෙන් චීනයේ සෑම දිනකම පුද්ගලයින් 9,000 ක් පමණ රෝගීන් මිය යන බවයි. එමෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් මේ සම්බන්ධයෙන් පුරෝකතන කර ඇත්තේ 2023 වසර තුළ චීනයේ අවම වශයෙන් Covid හේතුවෙන් මිලියන 1 ක් පමණ පුද්ගලයන් මියයනු ඇති බවයි.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා COVID පරීක්ෂණ අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් බීජිං හි නිලධාරීන් පවසා තිබුණේ ඉතා සාර්ථකව තත්වය පාලනය කර ඇති හෙයින් කලබලයට පත් නොවිය යුත් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි