×

අඳුරු වළා මැදින් රිදී රේඛාවක්: චීනයේ ආර්ථකය යළි පිබිදෙයි

Covid 19 හේතුවෙන් වසා දැමුණු ප්‍රබල ආර්ථික අතර කෙසේ හෝ ප්‍රථමයෙන් යළි ආර්ථිකය විවෘත  කර ගැනීමටද මේ වන විට හැකියාව ලැබී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.


දශක ගණනාවක් තුළ අසීරුතම කාලයකින් පසු චීනයේ ආර්ථිකය යළි පිබිදීමකට ලක්ව තිබේ. Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සලකන චීනය වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් ආර්ථික වශයෙන් ඇණ හිටි අතර එය සමස්ත ලෝක ප්‍රජාවටම බලපාන්නක් විය.

ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන චීන ආර්ථිකය පසුගිය අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ වර්ධනය වේගය පසු වී ඇත්තේ  3.2% වැනි ඉතා පහළ මට්ටමකය.

එරට ආර්ථික විශේෂඥයින් බලාපොරොත්තු වී ඇත්තේ 2.5%ක වැනි පහළ අගයක් වන අතර ඊට සාපේක්ෂව එම කාලය තුළ 3.2%ක ආර්ථික වර්ධනය ගැන සෑහීමකට පත්වන බවයි ඔවුන් දක්වා තිබෙන්නේ.

වසංගත තත්ත්වය හේතුවෙන් පළමු කාර්තුවේදී ඩොලර් ට්‍රිලියන 14කින් ආර්ථිකය  ආපස්සට ගමන් කර තිබෙන අතර එය ප්‍රතිශතාත්මක ලෙස 6.8%ක් ලෙස දැක්වෙයි.

1992 සිට එම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම ඇරඹීමෙන් පසු මෙලෙස කඩා වැටුණු පළමු අවස්ථාව ලෙසයි මෙය දැක්වෙන්නේ. එමෙන්ම 1976 න් පසු එරට ආර්ථිකය මෙපමණ ප්‍රමාණයකින් හැකිළුණු පළමු අවස්ථාවද මෙයයි.

මෙම පිබිදීම රට තුළ නැවත ප්‍රකෘති තත්ත්වයක් ඇති වෙමින් පවතින බවට කදිම සාක්ෂියක් බවද එරට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

Covid 19 හේතුවෙන් වසා දැමුණු ප්‍රබල ආර්ථික අතර කෙසේ හෝ ප්‍රථමයෙන් යළි ආර්ථිකය විවෘත  කර ගැනීමටද මේ වන විට හැකියාව ලැබී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි