×

ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා හොඳින් සිදුවනවා, චීනය ප්‍රකාශ කරයි!

දෙරට අතර සමීප සබඳතා පවත්වා ගනිමින් වෙළඳ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවට චීනය ප්‍රකාශ කරයි.


ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ සාකච්ඡා ඉදිරියටත් ගෙන යනු ලබන බවට චීනය ප්‍රකාශ කරයි.

ඒ, එරට වාණිජ කටයුතු අමාත්‍යංශය අද (28) දින නිකුත් කළ නිවේදනයක් තුළිනි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සැලසුම් කර ගත් පරිදි බීජිං සහ වොෂිංටන් ද්විපාර්ශ්වික වෙළඳ සාකච්ඡා ඉදිරියට ගෙන යන බවත් එකී සාකච්ඡා හොඳින් සිදුවන බවත් ය. 

දෙපාර්ශ්වය අතර සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින්, බීජිං සහ වොෂිංටන් වෙළඳා සාකච්ඡා සඳහා මැදිහත් වන නිලධාරීන් එළඹෙන සිකුරාදා (01) දින දුරකතන ඇමතුමක් ලබා ගැනීමට නියමිත බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

මීට අමතරව, එළඹෙන මස 16, 17 දෙදින තුළ චිලී හී දී පැවැත්වීමට නියමිත ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේදී (Asia-Pacific Economic Cooperation summit) අන්තර් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබිණි.  කෙසේවෙතත්, චීලී නිලධාරීන් එම සමුළුව අවලංගු කරනු ලැබුවේ එරට පවතින ප්‍රචණ්ඩකාරී විරෝධතා මධ්‍යයේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරමින් රට සමතයකට පත් කිරීම සඳහා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි