×

දකුණු චීන සාගරයට ‘බාහු බලය’ පෑම නවතන්න – චීනය ඇමරිකාවෙන් ඉල්ලයි!

බැංකොක් හි පැවති ආරක්ෂක සාකච්ඡා සැසිවාරයේදී චීනය මේ බව ප්‍රකාශ කර තිබේ.


ඇමරිකා එක්සත් ජනපද හමුදා අංශ දකුණු චීන සාගරය තුළ බලය පෙන්වීමට යාම නතර කරන ලෙසට චීනය ඉල්ලීමක් කර තිබේ.

චීනය මෙම ඉල්ලීම සිදුකොට තිබෙන්නේ අද (18) දින බැංකොක් නගරයේ පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා සැසිවාරය අතරතුරදී ය. 

මෙසේ බලය පෙන්වීමට යාම තුළින් තායිවානය තුළ නව අවිනිශ්චිතභාවයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, එමඟින් ලොව විශාලතම ආර්ථික බලවතුන් දෙරට අතර ගැටුම් ඇතිවිය හැකි බවත් චීනය පෙන්වා දෙයි. 

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙංහෙ මහතා ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් වෙත අවධාරණය කර සිටියේ දකුණු චීන මුහුද තුළ එක්සත් ජනපදය මෙසේ සිය බාහු බලය පෑම නවතා දැමිය යුතු බවයි. එමඟින් දකුණු චීන මුහුදේ ගැටුම්කාරී වාතාවාරණයක් මතුවීමට ඉඩ ඇති බවට ඒ මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳ ප්‍රතිචාරයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ වන තුරු ලබා දී නොමැති මුත්, ඇමරිකාව විසින් චීනයට චෝදනා කර සිටියේ දකුණු චීන සාගරය හමුදාකරණය කර ඇති බවයි. ඇමරිකානු ආරක්ෂක ලේකම් එස්පර් විසින් පසුගිය ඉරු (17) දින නිකුත් කළ නිවේදනයක දැක්වූයේ චීනයේ බීජිං නගරය සිය උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එකී දකුණු චීන සාගර කලාපය තුළ බලහත්කාරයෙන් බිය වැද්දීම් ඇති කිරීමට පෙළඹ ඇති බවයි.  

දකුණු චීන සාගර කලාපය තුළ පිහිටා ඇති ස්වෛරී රාජ්‍යයන් කිහිපයක් අතර පවතින දූපත් හා සමූද්‍රීය හිමිකම් සම්බන්ධව අර්බුදකාරී වාතාවරණයක් මතුව පවතී. මෙකී රාජ්‍යයන් අතර බෘෘනායි, චීන මහජන සමූහාණ්ඩුව, චීන ජනරජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය හා වියට්නාමය ඇතුලත් වේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.37 ක් වටිනා ගෝලීය වෙළඳාම් කටයුතු දකුණු චීන සාගරය හරහා සිදුවන අතර එය ගෝලීය සමුද්‍රීය වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ යැයි සැලකේ. චීනයේ බලශක්ති ආනයනයෙන් සියයට 80 ක් සහ චීනයේ සමස්ත වෙළඳාමෙන් සියයට 39.5 ක් දකුණු චීන මුහුද හරහා ගමන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි