×

චීන යෝධයාගෙන් තායිවානයට තරවටුවක්!

තම පාලනයෙන් වෙන් වී නිදහස ලබා ගැනීම සඳහා ගන්නා ඕනෑම උත්සාහයක් තම පාලනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවත් එසේ වුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකි බවත් චීන බළධාරීන් අනතුරු අඟවා තිබෙනවා. තායිවානය ආසන්නයේ යුද ගුවන් යානා කිහිපයක් පියාසර කිරීමෙන් දින කිහිපයකට අනතුරුව චීනය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. තායිවානය යනු චීන යෝධයා අසළම […]


තම පාලනයෙන් වෙන් වී නිදහස ලබා ගැනීම සඳහා ගන්නා ඕනෑම උත්සාහයක් තම පාලනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවත් එසේ වුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකි බවත් චීන බළධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

තායිවානය ආසන්නයේ යුද ගුවන් යානා කිහිපයක් පියාසර කිරීමෙන් දින කිහිපයකට අනතුරුව චීනය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

තායිවානය යනු චීන යෝධයා අසළම රැඳී සිටින අඟුටුමිට්ටෙකු වැනි දූපතකි. චීන පාලනය සලකන්නේ තායිවානය යනු චීනයට අයිති දූපතක් ලෙසයි.

කෙසේ නමුත් තායිවානය ‍වෙනම පාලනයක් සහිත ස්වාධීන රාජ්‍යයක් වන අතර ලොව බහුතරයක් රටවල් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී.

චීනයේ මෙම අනතුරු ඇඟවීම් බරපතල තත්වයක් ලෙස සලකන බව ඇමරිකාව පවසනවා.

මෙම තත්වය හමුවේ ඕනෑම මොහොතක තායිවානයට සහාය දැක්වීමට සූදානම් බව ඇමරිකානු බළධාරීන් පවසනවා.

ජාත්‍යන්තර ෆෝබ් සඟරාව පවසන්නේ චීනය සිය ගුවන් යානා තායිවාන් ගුවන් සීමාව සමීපයට යැවීමෙන් අනතුරු අඟවමින් කියා සිටින්නේ ගුවන් ප්‍රහාර මගින් තායිවානය අත්පත් කර ගැනීමට චීන බලධාරීන් සූදානම් බවයි.

එසේම සිය හමුදා භටයන් තායිවානය වෙත හොරෙන් ඇතුළු කර ලේවැකි කුමන්ත්‍රණයක් සිදු කිරීමට වුවද චීනය පෙළඹිය හැකි බවට ෆෝබ් සඟරාව පවසනවා.

UN for LNW

Photo: China sees Taiwan as a breakaway province | GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි