×

අපට එරෙහි හිරිහැර එපා! – චීන ජනපතිගේ සංවත්සර කථාව

ෂි ජිං පිං ඒ කිව්වේ ඇත්තද


චීන ජනතාව වෙන් කිරීමට හෝ බිද දැමීමට දත කන චීනයට බලපෑම් කරන කිසිදු විදෙස් බලවේගයකට මින් ඉදිරියේදී ඊට කිසිදු ඉඩක් නොමැති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වස් සැමරුම් කථාවේදී චීන ජනපති ෂි ජින් පිං විසින් අවධාරණය කළේය. අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වී තිබූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වස් සැමරුමට රැස්ව සිටි දස දහස් ගණනින් චීන ජනතාවට ඔහු පසක් කර සිටියේ චීනයට හිරි හැර කරන ඕනෑම අයෙක්ට එරෙහිව බිලියන 1.4 ක ජනතාවකින් සැදුම් ලත් වානේ පවුරක ගැටීමට සිදු වනු ඇති බවයි. සුප්‍රසිද්ධ ටියනාන්මෙන් චතුරස්‍රයේ මාඕ සේතුං සිතුවම පසුබිම කරගනිමින් තැනුන වේදිකාවක සිට සිය ජනතාව ඇමතූ ඔහු 1921 සරේ සිට අද දක්වා සිය පක්ෂයේ කාර්්‍යභාරය සහ සාර්ථකත්වය පිළිබදව පැයකට අධික කාලයක කථාවක් සිදු කරන ලදී.

සිය පක්ෂය තුළ අතීත සහ වත්මන් නායකත්වය චීනයේ පැති වැඩවසම් සුරාකෑමේ ආර්ථික පද්ධතිය අවසන් කළ බවත් ජීව ශක්තියෙන් පිරිපුන් සමාජවාදී වෙළදපළක් නිර්මාණය කරන්නට තමන්ට හැකි වූ බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ”චීනය ආරක්ෂා කළ හැක්කේ සමාජවාදයට පමණයි… සමාජවාදී අදහස් ඇති නායකයෙක්ට පමණයි”
අපව වැරදි කරුවන් කරමින් අපට එරෙහිව බකතපස් දේශන කිරීමට උත්සහ කරන කිසිවෙකුගේ දේශන වලට අපි තව දුරටත් සවන් දෙන්නේ නැහැ. අපට එරෙහිව පීඩා කිරීමට තවදුරටත් කාටවත් බැහැ.

සංවත්සරය සදහා 70 දහසක පමණ චීන ජනතාවක් සහභාගී වී සිටියහ.

ෂි ජිං පිං ඒ කිව්වේ ඇත්තද?

චින කොමියුනිස්ට් පක්ෂය බිලියන 1.4ක ජනතාවක් සහ ලෝකයේ විශාලතම ආර්ථිකන්ගෙන් එකක් වන චීන ආර්ථිකය පාලනය කරමින් සිටිතත් මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, ජාත්‍යන්තර සබදතා ආදිය පිළිබදව ජාත්‍යන්තරයේ දෝෂ දර්ෂණයට ලක් වී ඇත.. දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධව තායිවානය, ඉංදියාව, වැනි කලාපීය අසල්වැසියන් කෙරෙහි චීන හැසිරීම, ලෝකයේ දුප්පත් රටවල් සූක්ෂම අයුරින් යටපත් කිරීමට උත්සහ කිරීම, ආදී චෝදනා හේතුවෙන් චීනය ජාත්‍යන්තරය තුළ හුදෙකලා සාමාජිකයෙක් වී ඇත. එක්සත් ජනපදය, කැනඩාව, සහ ඕස්ට්‍රේලියාව ආදී රාජ්‍යන් සමග පවා ආරවුල් සහගත වෙළද සබදතා නිසා ඉතා දුප්පත් මට්ටමේ සබදකම් පවත්වා ගෙන යෑමට පසුගිය දශක කිහිපය තුළ චීනයට සිදුව ඇත.

චීනයේ ජාතික ආරක්ෂාව සම්බන්ධව පැවසූ ෂී කියා සිටියේ සිය කතාවේදී ෂී කියා සිටියේ ජාතියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශක්තිමත් රටකට ශක්තිමත් හමුදාවක් තිබිය යුතු බවත්, මහජන විමුක්ති හමුදාව “නොමැකෙන ජයග්‍රහණ” ​​ලබා ඇති බවත්ය. එය චීනය තුළ පමණක් නොව කලාපයේ “සහ ඉන් ඔබ්බට” රට ආරක්ෂා කිරීම සහ ජාතික ගෞරවය, ස්වෛරීභාවය සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වූ “ශක්තිමත් කුළුණක්” බව ඔහු පැවසීය.

චීනය තායිවානය සම්බන්ධයෙන් මිලිටරි ගැටුමක් ඇතිවීම සඳහා වැඩි අවධානයක් හා සූදානමක් පවතින බවද ඔහුගේ කථාවෙන් ගම්‍යමාන වෙයි ඒ එක්සත් ජනපදය තායිවාන රජයට ආයුධ සපයන පසුබිමක් මතය. ෂී සිය කතාවේදී තායිවානය “යථා තත්වයට” පත් කරන බවට දිගු කාලීන පොරොන්දු නැවත අවධාරණය කළේය. තමන් කිසි විටෙක තායිවානය පාලනය කර නැති නමුත් එය අවශ්‍ය නම් බලහත්කාරයෙන් එක්සත් කළ යුතු චීනයේ කැඩී ගිය පළාතක් ලෙස සලකයි. ෂී පැවසුවේ මෙය “නොසැලෙන කැපවීමක්” බවයි.

ඒ කෙසේ වෙතත් “චීන ජනතාවගේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නිර්වචනය කිරීමට ඇති අධිෂ්ඨානය කැමැත්ත සහ හැකියාව කිසිවෙකු අවතක්සේරු නොකළ යුතුය,” ඔහු පැවසීය. මෑත සන්දර්භය අනුව, තායිවානය පිළිබඳ ෂීගේ අදහස් අනපේක්ෂිත නොවන බව ටස්මේනියා විශ්ව විද්‍යාලයේ චීන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාක් හැරිසන් පවසන්නේ ඒ නමුත් බීජිනය කෙතරම් “සම්මුති විරහිත” දැයි යන්න ගැටළු සහගත බවයි.

“තායිවානය සහ චීනය සම්බන්ධව එක්-චීනයක් යන මූලධර්මය හා 1992 තායිවානය සමග සම්මුතිය ට ෂී ගේ එකතගවය පැවතියද විශේෂයෙන් තායිවානයේ නිදහස සඳහා වන ඕනෑම උත්සාහයක් මුළුමනින්ම පරාජය කිරීම” ෂී ගේ පරම අභිලාෂය බව ඔහුගේ කථාව තුළින් පැහැදිලිය.

පක්ෂය නොමැතිව නව චීනයක් ඇති නොවන බවත්, එය “චීන ජාතියේ දියුණුව ගැඹුරින් පරිවර්තනය කර ඇති” බවත් ෂී පුල පුලා පැවසීය.

“එය පක්ෂයේ සහ රටේ අත්තිවාරම සහ ජීව රුධිරය වන අතර, සියලු චීන ජනතාවගේ අවශ්‍යතා සහ යහපැවැත්ම රඳා පවතින කූටප‍්‍රාප්තියයි.”
කෙසේ වෙතත් චීනය තුළ තමන්ට එරෙහි කිසිදු අයුරක විසම්මුතියක් හෝ ප්‍රතිවාදයක් ගොඩනැගෙන්නට අවසරයක් නොදෙමින් සිටින ෂී ජින් පිං පාලනය උයිගර් මුස්ලිම්වරුන්ගෙන් සහ විවේචකයන්ගේ සිට හොංකොංහි වීදිවල ප්‍රජාතන්ත්‍රවාදී වරෝධතා දක්වා මර්ධනය කරමින් සිටී.

ශත සංවත්සර සැමරුම අතිශයින්ම විධිමත් මෙන්ම උත්සවශ්‍රීයෙන් පිරී තිබූ අතර එහි අන්තර්ගතය කසේ වනු ඇති දැයි පූර්ව නිවේදනයක් නිකුත් කර නොතිබීම විශේෂත්වයකි. උත්සවය ආරම්භයත් සමග ජේ -20 රහසිගත ප්‍රහාරක යානා ඇතුළු මිලිටරි ගුවන් යානා සහ ජෙට් යානා දුසිම් ගණනක් බීජිංහි අහස හරහා පියාසර කළ අතර කොඩි සහ වර්ණවත් දුමාරයෙන් ටියානන්මෙන් චතුරස්‍රය වැසී ගියේය. එහිදී චීනයේ ජනවාර්ගික කණ්ඩායම් 56 නියෝජනය කරමින් කාලතුවක්කු වෙඩි මුර 56ක් දල්වන ලදී.

මේත් සමග බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හෝංකොං යළිත් චීනයට පවරා දීමේ 24 සංවත්සරයද යෙදී තිබුණේ අදටය. ඒ නිමිත්තෙන් ඇතිවිය හැකි යැයි සැක සිතූ සියළු විරෝධතාවන් ඇති නොවීමට වග බලා ගත් චීන ආරක්ෂක අංශය උත්සවයට පෙර සතියේ සියළු නිවෙස් පරික්ෂාවට ලක් කර තිබිණි. දහස් ගණනක පොලීසිය ඒ සදහා යොදවා තිබිණ.

“ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන අතරම, නිවැසියන්ට කථන නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස සහ උද්ඝෝෂණ නිදහස සහ නීතියට අනුව අඛණ්ඩව භුක්ති විදීමට ඉඩ දෙන බව පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක ජෝන් ලී සිය සංවත්සර කථාවේදී පැවස්වේ මෙවන් පසුබිමක් මතය.

Aircraft from the Chinese People's Liberation Army (PLA) air force fly in formation during a parade to celebrate the the 100th founding anniversary of the Chinese Communist Party at Tiananmen Square on July 1, 2021 in Beijing, China.

Students wave Chinese flags before the celebration of the 100th anniversary of the founding of the Communist Party of China at Tiananmen Square in Beijing on July 1, 2021.

Performers dance during a Cultural Performance as part of the celebration of the 100th Anniversary of the Founding of the Communist Party of China, at the Bird's nest national stadium in Beijing on June 28, 2021

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි