×

චීනය සඳට යැවූ බීජ පැළ වේ. මේ සඳ මත බීජ පැළවූ ප්‍රථම අවස්ථාවයි..

චීනය විසින් සඳ මතට යැවුනේ කපු බීජ , අර්තාපල් බීජ, යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ බිත්තරයි.


චීනය විසින් ජනවාරි මස තුන් වන දින සඳට යැවූ චේන්ජ් 4 මෙහෙයුම් අභ්‍යවකාශ යානය සඳට රැගෙන ගිය බීජ මේ වන විට පැළ වී ඇති බව චීනය පවසයි.මෙම අවස්ථාව දිගු කාලයක් තිස්සේ අභ්‍යවකාශ මෙහෙයුම් උත්සහා කළ බලාපොරොත්තුවක් සඵල වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි වේ.


මින් පෙර අභ්‍යවකාශය වෙත රැගෙන ගිය බීජ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යසස්ථානය තුළ පැළ වී තිබුණද සද මත බීජ පැළවුණ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙසේ සද මත බීජ පැළ කළ හැකි වුවහොත් අනාගතයේදී අජටාකාශ ගාමීන්ට සද මතදී තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගත හැකි අතර නැවත ආහාර ලබා ගැනීමට පෘථවියට පැමිණීම අවශ්‍ය නොවනු ඇතැයි විශේෂඥ මතයයි.
චීනය විසින් සඳ මතට යැවුනේ කපු බීජ සහ අර්තාපල් බීජ, යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ බිත්තරයි.
මේ අනුව මුලින්ම පැළ වී ඇත්තේ කපු බීජයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි