×

චීනයේ ජනගහණය සීඝ්‍රයෙන් පහළ බසී

සමීක්ෂණයන්ට අනුව මෙම ජනගහනය අඩුවීමේ ප්‍රවණතාව නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත් ඉදිරියේදී අඛණ්ඩව චීන ජනගහනය අඩුවීම සීඝ්‍රයෙන් සිදු විය හැකි බවත් දැකිය හැකි වේ.


මේ වන විට ලෝකයේ අන් රටවලට වඩා සීග්‍රයෙන් චීනයේ ජනගහනය අඩු වීමෙ ප්‍රවණතාවක් දක්නට හැකි වී ඇති බව චීන සමාජ විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ Green Book of Population and Labour සමීක්ෂණ වාර්වථාවෙන්ලි න් තහවුරු වී ඇත.

වසර 70කට පසුව පසු ගිය වසරේ ජනගහන වර්ධනයේ සීඝ්‍ර අඩුවීමක් සිදු වී ඇත. ලෝකයේ වැඩිම ජනගහණය එනම් බිලියන 1.4ක් ජීවත් වන්නේ චීනයේය. සිය ජනගහනය රට තුළ වැඩි වන්නට ගැනීමත් සමග චීනය විසින් 1979 වසරේදී එක් පවුලක් සහා එක් දරුවෙක් යන සංකල්පය හුන්වා තිබී අතර 2016 වසරේදී දරුවන් දෙදෙනෙක් සදහා අවසර ලබා දෙනු ලැබිණි.

නමුත් පසු ගිය වසර වන විට සිදුව ඇත්තේ ජනගහන වර්ධනයේ පහළ බැසීමකි. නව ප්‍රතිපත්තිය හුන්වා දීමෙන් පසු උපත් 790000කින් ජනගහණය වැඩි වනු ඇතැයි අපේක්ෂා කළද 2018 වසර වන විට වාර්ෂිකව චීන ජනගහනය මිලියන 2.5 බැගින් අඩු වෙමින් පවතින
බව සමීක්ෂණ පෙන්වා දෙනු ලබයි.

මේ පිළිබව අදහස් දක්වන විශේෂඥයෙක් වන චීනයේ ජනගහණය සම්බන්ධව සමීක්ෂණයක නියැලෙන යී ෆුක්ෂියාන් පවසන්නේ මෙසේ ජනගහනය අඩුවීමේ ප්‍රවණතාව චීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි. සමීක්ෂණයන්ට අනුව මෙම ජනගහනය අඩුවීමේ ප්‍රවණතාව නැවත යථා තත්ත්වයට පත් ක නොහැකි බවත් ඉදිරියේදී අඛණ්ඩව චීන ජනගහනය අඩුවීම සීඝ්‍රයෙන් සිදු විය හැකි බවත් පෙන්වා දෙයි. දරුවන් බිහි කිරීම සහා සුදුසු වයසේ කාන්තාවන්ගේ අඩුවීමක් දක්නට ලැබීම,  වැඩිවන නිවාස, අධ්‍යාපන , සෞඛ්‍ය වියදම් හේතුවෙන් දරුවන් බිහිකිරීම සහා දෙමාපියන්ගේ අකමැත්ත, ආදී හේතූන් මේ සහා බලපානු ඇති බවද ඔහු විසින් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි