×

ෂී ජින්පින් කැනඩා අගමැති ටෲඩෝට තරවටු කරයි(video)

ෂී මෙහිදී කියා තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී මෙය නුසුදුසු බවත්, අවංක භාවය අතිශයින්ම වැදගත් බවත්ය.


ඉන්දුනීසියාවේ බාලීහි පැවැත්වෙන G20 සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට තරවටු කරන ආකාරයේ වීඩියෝ දර්ශන පල වෙමින් තිබේ.

පසුගියදා චීනයේ ෂී ජින්පින් හා කැනඩාහි අගමැති ජස්ටින් ටෲඩෝ, බාලි හි පැවති G20 සමුළුවේ සාකච්ඡා පවත්වා දින කිහිපයකට පසු ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම පිළිබඳ ෂී විසින් ටෲඩෝට මෙලෙස චෝදනා කර තිබේ.

ෂී මෙහිදී කියා තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී මෙය නුසුදුසු බවත්, අවංක භාවය අතිශයින්ම වැදගත් බවත්ය.


මෙහිදී කැනඩා අගමැති ප්‍රකාශ කර තිබුණේ කැනඩාවේදී අපට නිදහස් හා විවෘත හා අවංක සංවාදයක් ගැන විශ්වාස කළ හැකි අතර එය අපි දිගටම පවත්වනු ඇති බවත්, අපි ඉදිරියට නිර්මාණශීලීව එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන නමුත්, අපි එකඟ නොවන දේවල් තිබෙන බවත්ය.


මේ වන විට චීනය හා කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2018 වසරේ දී පලුදු විය. කැනඩාව විසින් Huawei Technologies හි විධායක Meng Wanzhou ඔත්තු බැලීමේ චෝදනා මත රඳවා තබා ගැණිනි. මීට සාපේක්ෂව චීනය විසින් මෙලෙසම ඔත්තු බැලීමේ චෝදනා මත කැනේඩියානුවන් දෙදෙනකු රඳවා තබා ගන්නා ලදි. පසුව තිදෙනාම නිදහස් කළමුත් මෑතකදී ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ Hydro-Quebec හි මහජන උපයෝගිතා සේවකයෙකු වන Yuesheng Wang අත්අඩංගුවට ගැනීම නැවත ගැටුම අලුත් කිරීමට හේතු විය.

කැනේඩියානු පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Yuesheng Wang චීන මහජන සමූහාණ්ඩුවට ප්‍රතිලාභ ලබා දීම සඳහා වෙළඳ රහස් ලබාගෙන, කැනඩාවේ ආර්ථික අවශ්‍යතාවලට හානි කරන බවයි. මෙම තත්වය සිදු වන විට ටෲඩෝ හා ෂී ජින්පින් බාලිහි G20 සමුළුව වෙත පැමිණ තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි