×

පරවියෙක් ගිය උඩ..!

පරවියෙක්ට ඩොලර් මිලියන 1.4ක් ලංසු තැබූ චීන ජාතිකයෙක්.



වෙන්දේසියකදී බෙල්ජියම් වර්ගයට අයත් පරෙවියෙක් සදහා ඩොලර් මිලියන 1.4ක වටිනාකමක් ලබා දුන් චීන ජාතිකයෙකු පිළිබද වාර්ථාවේ.

ආර්මෙන්ඩෝ නැමති මෙම පරවියා තරග සදහා සහභාගීවන පරවියන් අතරේ ඉතා වේගවත් පරෙවියෙකු ලෙස ප්‍රසිද්ධ වී ඇත. ඔහු වැඩිම දුරක් පියැඹිය හැකි පරවියාද වන බව මෙම වෙන්දේසිය සිදු කළ  PIPA නැමති සංවිධානය පවසයි.
අන්තර්ජාලය තුළ එම සමාගමට අයක් වෙබ් අඩවිය තුළ මෙම වෙන්දේසිය සිදුව ඇකි අතර ඒ සදහා මිළ ගණන් කිහිපයක් ඉදිරිපත් වී ඇත.

වෙන්දේසිය අවසන් අවස්ථාවේදී චීන ජාතිකයන්ම දෙදෙනෙකු විසින් මෙම පරවියා සදහා ලංසු තබා ඇති අතර ඩොලර් ලක්ෂ 6 සිට ඩොලර් මිලියන 1.4 ක් දක්වා පැයක් තුළ ලංසු වැඩි වී ඇත.
ආර්මෙන්ඩෝ මෙතෙක් ලෝක ඉතිහාසයේ වෙන්දේසියක් තුළ වැඩිම මිළට අලෙවි වී ඇති පරවියා වෙයි. නදිනේ මීලගට මිල අධිකතම පරවියා වන අතර 2017 වසරේ ඔහුව අලෙවි වී ඇත්තේ ඩොලර් 4,50000කටය.

අර්මෙන්ඩෝ වෙන්දේසි කළ වෙයෙල් වර්ෂූට් විසින් මෙම වෙන්දේසියේදී පරවියන් 178 දෙනෙකු විකුණා ඩොලර් මිලියන 2.5ක් උපයා ගැනීමට සමත් වී ඇත.
චීනයේ ධනවතුන් අතර පරවි තරග සදහා පරවියන් යෙදවීම සුලබව දැකිය හැකි අතර බීජිං හී මේ
සදහා යොදවන පරවියන් 100000ක් පමණ සිටින බව වාර්ථා වේ. එමෙන්ම ඔවුන්ගෙන් 90000ක් පමණ දෙනා තරග සම්බන්ධ සංගම්හී ලියාපදිංචි කළ පරවියන්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි