×

තායිවානය චීනයෙන් වෙන් කරන්නන්ට එරෙහි යුධ ප්‍රකාශ කරන බව එරට ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක පවසයි!

"තායිවානය චීනයෙන් වෙන් කරොත් බලාගෙනයි!" චීන ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක තර්ජනය කරයි. ඇමරිකානු අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට රාජ්‍ය මාධ්‍ය චෝදනා කරයි!


තායිවානය ප්‍රධාන භූමියෙන් ස්වාධීන කිරීමට උත්සාහ දරන්නේ නම්, තායිවානය අත්පත් කර ගැනීම සඳහා යුධ ප්‍රකාශ කිරීමට පසුබට නොවන බවට චීන ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වූ ඛියන් පසුගිය බදාදා (24) දින බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

තායිවානය චීනයෙන් වෙන් කිරීමට තැත් කරන්නේ නම්, ජාතික ස්වෛරීභාවය, සමගිය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කිරීම සඳහා චීනය හමුදා බලය භාවිතා කිරීමට දෙවරක් නොසිතන බවට ඛියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

කෙසේවෙතත්, මෙවන් තර්ජනාත්මක ප්‍රකාශයක් චීනය සිදුකළ පළමු අවස්ථාවද මෙය නොවන බව කියවේ. එහෙත්, ඛියන් ගේ මෙම ප්‍රකාශය, හොංකොං නගරයේ පවතින ස්වයංසාධක පාලන තන්ත්‍රය හා චීන ආර්ථික උපායමාර්ගික අවශ්‍යතාවයන් ට එල්ල වන අභියෝගාත්මක තත්ත්වයන් මර්දනය කිරීමට බීජිං නගරය ගන්නා උත්සාහයක් බවට ඇතැම්හු පවසති.

හොංකොං හි පාලන තන්ත්‍රය බීජිං අනුගමනය කරන “මාතෘභූමිය වෙනුවෙන් එක රටක් පරිපාලන පද්ධතීන් දෙකක්” යන ප්‍රතිපත්තියට එකඟ නොවන බවට නොරහසකි.

පසුගිය ජූලි 10 වන දින චීන රාජ්‍ය මාධ්‍ය චෝදනා කොට තිබුණේ හොංකොං නගරය තුළ ඇමරිකානු අදිසි හස්තයක් ද ක්‍රියාත්මක වන බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි