×

ජාන සංස්කරණයෙන් ළදරුවන් බිහි කළ චීන විද්‍යාඥයෙක් සිරගෙට.

ලොව ප්‍රථම වතාවට ජාන සංස්කරණය කළ ළදරුවන් නිර්මාණය කිරීමට උදව් කළ චීන විද්‍යාඥයෙකුට වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් නියම කිරීමට එරට රජය තීරණය කර තිබේ.


ලොව ප්‍රථම වතාවට ජාන සංස්කරණය කළ ළදරුවන් නිර්මාණය කිරීමට උදව් කළ චීන විද්‍යාඥයෙකුට වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් නියම කිරීමට එරට රජය තීරණය කර තිබේ.

Chinese scientist He Jiankui speaks at the Second International Summit on Human Genome Editing in Hong Kong on November 28, 2018. (Photo by Anthony WALLACE / AFP) (Photo credit should read ANTHONY WALLACE/AFP/Getty Images)

ජියැන්කුයි නම් වන ඔහු 2018 දී HIV ප්‍රතිරෝධී වන පරිදි නවීකරණය කරන ලද DNA සහිත ලුලු සහ නානා යන නිවුන් දැරියන් නිර්මාණය කරමින් මුළු ලොවම පුදුමයට පත් කළේය. ඒ සදහා ඔහු CRISPR-Cas9 නම් ජාන සංස්කරණැ මෙවලම භාවිතා කර ඇත.

ෂෙන්සෙන් හි දක්ෂිණ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන ඔහු එම අවස්ථාවේ දී කියා සිටියේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමා ආඩම්බර වන බවයි. ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස දෙවන කාන්තාව ගැබ්ගෙන ඇති බව ඔහු පසුව කියා සිටියේය.

එහෙත් ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙකු විසින් ඔහු හා ඔහුගේ මෙම පර්‍යේෂණ හෙළා දකින අතර, මෙම පරීක්ෂණ “බිහිසුණු”, “සදාචාර විරෝධී” සහ “චීන ජෛව වෛද්‍ය පර්යේෂණයේ කීර්ති නාමයට විශාල පහරක් එල්ල කරන ඒවා බව ලේබල් කර ඇත.

විද්‍යාත්මක ප්‍රජාව තුළ සිටින බොහෝ අය ඔහු ළදරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලබාගත් එකඟතා මට්ටම සහ ජාන සංස්කරණය කිරීමේදී විනිවිදභාවය ඇතුළු සදාචාරාත්මක කරුණු පිළිබද ප්‍රශ්නාර්ථයකින් පසුවේ.

සඳුදා ෂෙන්ෂෙන් නන්ෂාන් දිස්ත්‍රික් මහජන අධිකරණය විසින් ඔහුට වසර තුනක සිර දඬුවමක් සහ යුවාන් මිලියන 3 (ඩොලර් 430,000) ක දඩයක් නියම කළ බව චීනයේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. උසාවියේ සොයා ගැනීම්වලට අනුව, 2016 දී මානව කලල ජාන සංස්කරණ තාක්‍ෂණයෙන් ලැබිය හැකි ආර්ථික වාසි පිළිබඳව ඔහු දැන සිට ඇති අතර HIV වලට ඔරොත්තු දෙන ළදරුවන් බිහි කිරීම සඳහා ජාන සංස්කරණ තාක්ෂණය භාවිතා කිරීමේදී ඔහු වෛද්‍ය පර්යේෂකයන් දෙදෙනෙකු වන ෂැං රෙන්ලි සහ ක්වින් ජින්ෂෝ සමඟ කටයුතු කර ඇත.

විත්තිකරුවන් තිදෙනා ට වෛද්‍යවරයෙකුගේ සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වීම, ලාභය ලුහුබැඳීම, විද්‍යාත්මක පර්යේෂණ සහ වෛද්‍ය කළමනාකරණය පිළිබඳ අදාළ ජාතික රෙගුලාසි හිතාමතාම උල්ලංඝනය කිරීම, විද්‍යාත්මක හා වෛද්‍ය ආචාර ධර්මවලට පිටුපා යාම, සහ ජාන සංස්කරණ තාක්‍ෂණය මිනිසුන්ට තදින් යොදා ගැනීම යන කරුණු චෝදනා ලෙස අධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී.

මේ අනුව අධිකරණය විසින් ෂැංට වසර දෙකක සිර දඬුවමක් හා යුවාන් මිලියනයක් (ඩොලර් 143,000) දඩයක් නියම කළ අතර ක්වින්ට වසරක සහ මාස හයක සිර දඬුවමක් සහ යුවාන් 500,000 ක (ඩොලර් 71,600) දඩයක් නියම කරන ලදී. විත්තිකරුවන් තිදෙනා වරද පිළිගෙන ඇති අතර ඔවුන්ට ජීවිත කාලය පුරාම මානව ආධාරයෙන් ප්‍රජනන තාක්‍ෂණ සේවයේ යෙදීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ගර්භනී කාන්තාවන්ගේ කළල වල ජාන සංස්කරණය කිරීම එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල තහනම් කර ඇති කරුණක් වන අතර එක්සත් රාජධානියේ, කළල සංස්කරණය කළ හැක්කේ දැඩි නියාමන අනුමැතිය ඇතිව පර්යේෂණ කටයුතු සඳහා පමණි. මෙම ක්‍රියා පටිපාටිය ආරක්ෂිතද, නැතහොත් ගර්භණී සමයේදී භාවිතා කරන්නේ නම්, එය පසුකාලීන ජීවිතයේ දී හෝ අනාගත පරපුරට ළදරුවන්ට අනපේක්ෂිත ප්‍රතිවිපාක ගෙන දිය හැකිද යන්න තවමත් පර්‍යේෂණැ මට්ටමේ පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි