×

චීනයේ තවත් වෛරසයක්

මෙම වෛරසයෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


කිනිතුල්ලන් විශේෂයකින් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනය අනතුරු අඟවා තිබෙනවා. මෙම වෛරසයෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ සොයා ගෙන ඇති අතර මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවයි චීනයේ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂෙජියැන්ග් විශ්ව විද්‍යාලය යටතේ පිහිටා ඇති අනුබද්ධ රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම වෛරසය රෝගීන්ට රුධිරය හෝ ශ්ලේෂ්ම මගින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි.
මේ හේතුවෙන් වෛරසය සම්බන්ධයෙන් මහජනතාව නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි