×

ලෝකයට තවත් සීතල යුද්ධයක් අවශ්‍ය නැහැ, චීනයෙන් ප්‍රකාශයක්!

දෙපාර්ශවය අතර ගෞරවය තිබෙන තුරාවට විසඳිය නොහැකි ගැටළුවක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.


ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා වල යම් ප්‍රගතියක් පවතින බවට චීන විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ලී යුචෙන්ග් මහතා ප්‍රකාශ කර තිබේ. 

දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය තිබෙන තුරාවට විසඳිය නොහැකි ගැටළුවක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අද (21) දින බීජිං හි ෂියැංෂාන් සංසදයට සහභාගී වෙමින් ලී මහතා අවධාරණය කර සිටියේ වෙනත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන රටකට කිසිවිටක සමෘදිමත් රාජ්‍යයක් කරා ළඟා වීමට නොහැකි බවයි.

ෂියැංෂාන් සංසදය යනු සිංගප්පූරුවේ වාර්ශික ෂැංග්‍රි-ලා සංවාද ආරක්ෂක සංසදයට පිළිතුරු සැපයීම සඳහා චීනය පිහිටුවා ගත් සංසදය යි. 

ලොව තුළ නව සීතල යුද්ධයක් (Cold War) ඇති කිරීම වෙනුවට විවෘත භාවයෙන් කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දුන් ලී මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ චීනය හා ඇමරිකාව අතර පවතින වෙළඳ ගැටුම අවසන් වනු දැකීම ලෝකවාසීන් ගේ අවශ්‍යතාව බවයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි