×

තෝර් ගේ විශ්වය පුරා යන ගමනට Alzheimer අභියෝගයක් වේ ද?

"Get well soon Thor!"


1983 අගෝස්තු 11 වන දින උපත ලද Christopher Hemsworth හෙවත් Chris Hemsworth ඕස්ට්‍රේලියානු රංඟනශිල්පියෙකි. හොලිවුඩය අතික්‍රමණය කරමින් තම සිනමා වෘත්තියට ආරම්භයක් ලබාදීමට පෙර ඔහු ඕස්ට්‍රේලියානු රූපවාහිනී කතා මාලාවක් වන Home and Away (2004-2007) හි Kim Hyde ලෙස ප්‍රසිද්ධියට පත් විය. Marvel Cinematic Universe (MCU) හි, 2011 වර්ෂයේ දී Thor නමින් ජනප්‍රිය මාර්වල් සිනමාංගයට පණ පෙවීමට හෙම්ස්වර්ත් ට හැකි විය. මෑතකදී Thor: Love and Thunder (2022) සිනමාහල් අතික්‍රමණය කළේය.

ඡායාරූප; Murphy’s Multiverse

එකී නොකී මෙකී රසබර කතා කෙතරම් තෝර් ගැන අපිට කතා කිරීමට තිබුන ද අද කියන්න යන්නේ තෝර් ෆෑන්ස්ලට ඉතා දුක්බර කතාවකි. Alzheimer නම් රෝගය හේතුවෙන් ඔහු පීඩා විදින බව ලොව පුරා පුවත් රැසක් වාර්තා වීමයි. හෙම්ස්වර්ත් ද මේ වන විට එම රෝගයට ගොඳුරු වූ රෝග වාහකයෙකි.

Alzheimer යනු?
Alzheimer (ඇල්සයිමර්) රෝගය යනු ස්නායු ආබාධයක් වන අතර එය ඇතිවීමෙන් මොළය හැකිලීමට (ඇට්‍රොෆි) සහ මොළයේ සෛල මිය යාම වැනි තත්ත්වයක් ඇතිවිය හැක. ඇල්සයිමර් රෝගය ඩිමෙන්ශියාවට වඩාත් පොදු හේතුවකි. පුද්ගලයෙකුගේ ස්වාධීනව ක්‍රියා කිරීමට ඇති හැකියාවට බලපාන චින්තනය, චර්යාත්මක හැසිරීම මෙම රෝගය හේතුවෙන් බලපෑමකට ලක් වේ.

ඡායාරූප; Wikipedia

ක්‍රිස් හෙම්ස්වර්ත් හෙවත් තෝර් ඇල්සයිමර් රෝගයට ජානමය නැඹුරුතාවයක් ඇති බව දැනගත් පසු විනෝදාස්වාදයෙහි යෙදෙමින් තම මානසික සුවය සඳහා ප්‍රමුඛත්වය දෙමින් වැඩි කාලයක් ගත කිරීමට සැලසුම් කර ඇති බවට විදෙස් මාධ්‍ය හරහා වාර්තා වේ.

ඡායාරූප; vanity fair
ඡායාරූප; Actor Chris Hemsworth attends the premiere of National Geographic’s original series “Limitless with Chris Hemsworth” at Jazz at Lincoln Center on Tuesday, Nov. 15, 2022, in New York. (Photo by Andy Kropa/Invision/AP)

39 හැවිරිදි තෝර් පවසන්නේ ඔහු තම පවුල සමඟ කාලය ගත කිරීම සඳහා තම වෘත්තියෙන් විවේකයක් ගැනීමට තීරණය කළ බවයි.

ඡායාරූප; NewsBeezer

එක් කථාංගයක් රූගත කරන අතරතුර සිදුකල DNA ජාන පරීක්ෂණයක දී ඔහුගේ ජාන්වල APOE4 ජාන පිටපත් දෙකක් තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වූ අතර ඒවා ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම වැඩි කරන බවට ද සාක්ෂි දරයි.

මෙම ජාන ප්‍රවණතාවය සහ අවදානම ගැන දැන ගැනීම දුෂ්කර අවකාශයක් සේ පෙනෙන නමුත් එය මග හැරීමේ තේරුමක් නොමැති බව ද එයට ඔහු මුහුණ දිය යුතු බව ද රසිකයන් සමඟ ඔහු බෙදා ගත්තේය.

තෝර් ගේ සුපිරි බලය රඳා පවතින මිටියෙන් සෙල්ලම් දැමූ සමය ඔහු තාවකාලිකව හෝ අවසන් කර හමාරය. ඉතින් තෝර්; මාර්වල් ලෝකයේ තවත් එක් වීරයෙක් වන ඔබට ඉක්මන් සුවය පතමු!

ඡායාරූප; Encyclopedia britannica
ඡායාරූප; Rappler
ඡායාරූප; digital spy

“Get well soon Thor!”

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි