×

නවසිලන්ත සමූහ ඝාතන සැකකරු ට්‍රම්ප් ට ප්‍රශංසා කරයි.

ඔහු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදුන්වා ඇත්තේ ''සාමූහික අභිප්‍රායන්ගේ සහ සුදු ජාතික අනන්‍යතාව ට පණ දීමේ සංඛේතය ලෙසය.


ඊයේ නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී ඉස්ලාමීය දේවස්ථාන දෙකකදී සිදු කරන ලද වෙඩි තැබීමකදී පුදුගලයින් 49ක් දෙනා ජීවිතක්ෂයට පත් විය. ලෝකයම කම්පාවට පත් කරමින් සිදු කළ මෙම ප්‍රහාරයෙහි ප්‍රධාන සැක කරු 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටරන්ට් නැමති ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකි.


ප්‍රහාරයෙන් පසු ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය‍

ඔහු සිය ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි දී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම් වෙත සිය ප්‍රශංසාව පළ කර ඇත. එමෙන්ම 2011 වසරේදී සුදු ජාතිකයෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරමින් නොර්වේදී මේ අයිරින්ම පුද්ගලයින් 77 දෙනෙකු මරා දැමූ ඇන්ඩර්ස් බ්‍රෙවික්ටද සිය ප්‍රශංසාව පළ කර තිබුණි.

පිටු 74කින් යුතු ලියවිල්ලක් වන ඔහුගේ මෙම ප්‍රකාශය තුළ ඔහු විසින් ඔස්ට්‍රෙලියානු අගමැති ස්කොට් මොරිසන් හදුන්වා ඇත්තේ ”වෛරයේ විපාකය ලෙසයි.” එමෙන්ම ඔහු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදුන්වා ඇත්තේ ”සාමූහික අභිප්‍රායන්ගේ සහ සුදු ජාතික අනන්‍යතාව ට පණ දීමේ සංඛේතය ලෙසය.

28 හැවිරිදි තරුණයෙකු වන ඔහු පවසා ඇත්තේ ඔහුට මෙවැනිම ක්‍රියාවක් මින් පෙර කළ නෝර්වේජියානු ජාතික බ්‍රෙවික් සමග සම්බන්ධා ඇති බවත් මෙවැනි සාමූහික ඝාතනයකට ඔහුගේක ක්‍රියාවෙන් ආශිර්වාද ලත් බවත්ය.

ඔහු සිය ප්‍රකාශනය තුළ සංක්‍රමණ මෙන්ම බහුසංස්කෘතිකත්වය ප්‍රතික්ෂේප කර ඇති අතර යුරෝපීය සුදු ජාතිකයන්ගේ සංස්කෘතිය අහිමි වීම පිළබද වද පැහැදිලි කර ඇත‍

මෙම ප්‍රහාරයට පසු දිගු වේලාවක් කිසිදු ප්‍රකාශයක් නොකර සිටි ඇමරිකානු ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සංවේගය පළ කර සිටියේය.

මෙම සමූල ඝාතනයෙන් පසු නවසීලන්ත ජනතාවට මාගේ උණුසුම් සංවේගය සහ උණුසුම් සුභ පැතුම් නිකුත් කරමි. පුද්ගලයි් 49 දෙනෙකු සංවේදජනක ලෙස මිය ගොස් ඇත. අවශ්‍ය ඕනෑම දෙයක් සදහා නවසිලන්ත රජය වෙනුවෙන් අපගේ සහයෝගය පල කරමු.
ඒ ට්‍රම්ප්ගේ පණිවිඩයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි