×

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය තුවක්කුකරු තනිවම මෙහෙයවූක් බව හෙළිවෙයි.

මේ පිළිබදව ෆේස් බුක් ආයතනය පවසන්නේ පැය 24ක් තුළ එම වීඩියෝ පටය ඉවත්කළ බවයි


පසුගියදා නවසිලන්තයේ දී පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිදු වූ වෙඩි තැබීම එක් පුද්ගලයෙකු විසින් පමණක් සිදු කළ ප්‍රහාරයක් බවට අනාවරණය වී තිබේ.

නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී ඉස්ලාම් ආගමික ස්ථාන දෙකකදී සිදු කළ මෙම ප්‍රහාරයට ප්‍රධාන වග කිව යුත්තා ලෙස 28 හැවිරිදි බ්‍රැන්ටන් ටාරන්ට් අත් අඩගුවට ගන්නා ලදී. ඔහුද සමග තවත් පුද්ගලයින් දෙනෙකු අති අඩංගුවට ගත් අතර මේ වන විට අනාවරණය වී ඇත්තේ බ්‍රැන්ටන් ටාරන්ට් පමණක් මෙම පුද්ගලයන් 50 දෙනොගේම මරණයන්ට වග කිව යුතු බවයි.

මීට අමතරව මෙම ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයන්ද සමග එරට අගමැතිවරිය වන ජසින්ඩා ආඩෙන් ඊයේ දින ප්‍රකාශ කරන ලද්දේ හෙට දින පැවැත්වෙන් පාර්ලිමේන්තු සැසිවාරයේදී එරට ගිනි අවි භාවිතය සම්බන්ධව නීති රීති වෙනස් කිරීම සමබන්ධව තීරණ ගැනීමට නියමිත බවයි.

එමෙන්ම ඇය ප්‍රකාශ කළේ ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය විසින් සිදුවීම් සජීවීව වාර්ථා කිරීමට අවස්ථාව සළසා දීම පිළිබදව වගකීමෙන් නැවත වරක් සිතා බැලිය යුතු බවයි.
අදාළ තුවක්කුකරු විසින් තමන් සිදු කළ වෙඩි තැබීම ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව ප්‍රචාරය කරන ලදී.


මේ පිළිබදව ෆේස් බුක් ආයතනය පවසන්නේ පැය 24ක් තුළ එම වීඩියෝ පටය ඉවත්කළ බවයි ඒ අනුව වීඩියෝ පට මිලියන 1.5ක් ඉවත් කර ඇත. එමෙන්ම සංස්කරනය කළ සියළු වීඩියෝ පටද තම ආයතනය ඉවත් කළ බව ෆේස් බුක් ආයතනය පවසයි.
අපරාධය සිදු කළ පුද්ගලයා විසින් තමන් විසින් සිදු කරන්නට යන අපරාධය සහ සි අදහස් සම්බන්ධව පිටු 74කින් යුත් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර එය අගමැතිවරිය වෙත ඊමේල් ලිපියක් මගින් යොමු කර තිබිණි. අගමැති වරිය පැවසුවේ මෙම ලිපිය තම කාර්ය මණ්ඩලය වෙත ප්‍රහාරයට විනාඩි 9කට පෙර ලැබී තිබූ අතර ප්‍රහාරය සිදු කිරීමට නියමිත ප්‍රදේශය හො වේලාවක් එහි සදහන් කර නොතිබූ බවයි. ප්‍රහාරයට විනාඩි දෙකකට පෙර ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කළ බවද ඇය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි