×

ලොව අංක එකේ පරිසර දූෂකයා

ලෝකයේ වාර්ෂිකව නිපදවෙන දුම්වැටි ප්‍රමාණය ට්‍රිලියන 6කි . ඉන් දුම්වැටි සියයට 90% ක්ම නිපදවන්නේ මෙවැනි ප්ලාස්ටික් ෆිල්ටර් සහිතවයි.


පරිසර දූෂණය ගැන කථා කිරීමේදී අප වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මෙන්ම පොලිතින් ගැන වුවත් ඒ සියල්ල පරදවන දූෂකයෙක් සිටින බව මේ වන විට පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ.

දුම්වැටි වල ෆිල්ටර්ස් නමින් හදුන්වන දුම්වැටිය භාවිතා කළ පසු ඉතිරි වන කොටස විශාල වශයෙන් පරිසරයට බලපෑම් එල්ල කරමින් සිටී,
දුම්වැටි භාවිතා කරන්නන් මෙන්ම බහුතරයක් විසින් මෙම දුම්වැටියේ ඉතිරි වන කොටස දිරාපත්වන කොටසක් බවට සිතුවද එහි තත්ත්වය ඊටත් වඩා භයානක බව පරිසර වේදීන් පවසයි.
සැන්ෆ්‍රැව්සිස්කෝ හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇති අතර සිගරට් ෆිල්ටරයෙහි අඩංගු වන සෙලියුලෝස් ඇසිටේට් යනු විශේෂිත ප්ලාස්ටික් වර්ගයකි. එම ප්ලාස්ටික වර්ගය දිරාපත් වීමට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වන්නේය.

ලෝකයේ වාර්ෂිකව නිපදවෙන දුම්වැටි ප්‍රමාණය ට්‍රිලියන 6කි . ඉන් දුම්වැටි සියයට 90% ක්ම නිපදවන්නේ මෙවැනි ප්ලාස්ටික් ෆිල්ටර් සහිත වයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ දුම්වැටි පරිහරණය කරන්නන් විසින් තමන් භාවිත කරන දුම්වැටිවලින් 3න් 2ක්ම ඉවත දමන්නේ වගකීමක් රහිතවයි.
මහාමාර්ග මෙන්ම අවට ටට පිටාවට ඒවා ඔවුන් විසින් මුදා හරිනු ලබයි.

2018 වසරේ මුහුද තුළ පවතින කැලි කසළ ගණනයේදී සොයගෙනු ලැබ ඇත්තේ එහි වැඩි පුරම ඇති ද්‍රව්‍ය සිගරට් ෆිල්ටර් වන අතර දෙවනුව ආහාර ඇසුරුම්ද තෙවනුව ප්ලාස්ටික් බොතල් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි