සටහන: සශිකලා මධුෂාණි, ජුනි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ ඊයේ(02)පැවති ජනාධිපතිවරණයේදී වසර හයක ධුර කාලයක් සඳහා පළමු කාන්තා ජනාධිපතිනිය ලෙස පාලක වාමාංශික MORENA පක්ෂයේ ක්ලෝඩියා ෂයින්බෝම් තේරී පත්ව ඇති බව වාර්තා වේ.
ක්ලෝඩියා ෂයින්බෝම් භෞතික විද්‍යාඥවරියක සහ හිටපු මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනිය වශයෙන් කටයුතු කර තිබේ. පාලක MORENA පක්ෂයේ ප්‍රධානී Mario Delgado Mexico City හි ආධාරකරුවන්ට පැවසුවේ Sheinbaum “ඉතා විශාල” පරතරයකින් ජයග්‍රහණය කළ බවයි.
මෙවර පප්වති මැතිවරණය මෙක්සිකානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මැතිවරණය වූ අතර මෙවර මැතිවරණ අපේක්ෂකයින් 38 දෙනෙකු මරා දැමිණි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තර්ජනය විශාල ගැටලුවක් වී ඇති අතර එය විසඳීම ජනාධිපතිගේ ප්‍රධාන වගකීමක් වශයෙන් මහජනතාව සලකයි.