×

ලන්ඩනයේ පරිසර ක්‍රියාකාරීන් පාරිසරික ව්‍යසන වලට හේතුවන මූල්‍ය ආයතන වැටලීමට පෙරට!

ලන්ඩනයේ මූල්‍ය කලාපය වැටලීමට පරිසර ක්‍රියාකාරීහු පෙළගැසෙති.


බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දේශගුණික විපර්යාස ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම නගරයේ මූල්‍ය දිස්ත්‍රික්කය (financial district) ඉලක්ක කොට ගනිමින් පාරිසරික ව්‍යසන සිදුවීමට බලපාන ක්‍රියාවලට මූල්‍ය ආධාර සපයන ආයතන වෙත විරෝධය පෑමට බැංකු සන්ධිය (Bank junction) අවහිර කරමින් විරෝධතාවක නිරත වෙමින් සිටින බවට වාර්තා වේ. 

මාර්ග අවහිර කරමින් ලන්ඩන් නගරයේ බැංකු සන්ධිය වෙත පැමිණි මෙම විරෝධතාකරුවන් රැගත් සටන් පාඨ බැනරයේ CLIMATE STRUGGLE = CLASS STRUGGLE (දේශගුණික අර්බුද = පාන්තික අර්බුද) යනුවෙන් සඳහන් වී තිබිණි.

මෙම විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ ලන්ඩන් නගරය යනු අප ලෝක ගෝලය විනාශ කිරීමට බලපා ඇති ප්‍රභලතම සාධකයක් බවයි. එමෙන්ම ලන්ඩන් නගරයේ මූල්‍ය දිස්ත්‍රික්කයේ පවතින ඇතැම් ආයතන විවිධ පරිසර දූෂණ වලට හේතු වන ක්‍රියා වලට මූල්‍ය ආයෝජන සිදුකරන බවට ඔවුහු චෝදනා කරති.

දේශගුණික විපර්යාස ඇතිවීමට හේතුවන පරිසර දූෂණයන් සඳහා මූල්‍ය සහය ලබා දෙන මෙම ආයතන අවහිර කර දැමීම විරෝධතාකරුවන්ගේ අරමුණ වී තිබේ.

දේශගුණය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අන්දමට ඉදිරි කාලය තුළ ලොව ඇතිවිය හැකි දරුණුතම විනාශයක් වන දේශගුණික විපර්යාස මත ගෝලීය උණුසුම්කරණය ඇතිවීම ට එරෙහි නූතන ලෝකයේ දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යූහයට අභියෝග කිරීමට මෙම විරෝධතාකරුවන් පෙළගැසී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සති දෙකක පමණ කාලයක සිට මෙම විරෝධතාකරුවන් ලන්ඩනයේ සිවිල් නීතියට ගරු නොකරමින් හැසිරෙන බවට එම නගරයේ පොලිසිය පැවසූ අතර, මාර්ග අවහිර කිරීම නිසා ගමනාගමනයට බාධාවී ඇති බවද පෙන්වා දෙයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි