×

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි 2020 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලටත්!

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ දේශගුණික හදිසි තත්ත්ව හා ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් පීඩා විඳි ජනතාව සිහිපත් කිරීම සුවිශේෂී විය..


ඊයේ (05) දින වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්විණි.

එහි විශේෂත්වයක් වූයේ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි හා දේශගුණික හදිසි තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමයි.

උළෙල ආරම්භයේදී ම සුපිරි හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් සභාව අමතා පවසා සිටියේ මෙවර උළලේදී සම්මානලාභී රසල් ක්‍රෝව් හට සහභාගී වීමට නොහැකි බවයි.

ඒ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් මත සිය දරු පවුල ආරක්ෂා කිරීමට ඔහුට යාමට සිදුවූ බැවිනි.

ෂෝටයිම් හි තිරගත වූ “ද ලවුඩස්ට් වොයිස්” චිත්‍රපටයේ අභාවප්‍රාප්ත ෆොක්ස් නිවුස් ප්‍රධානී රොජර් අයිල්ස්ගේ චරිත නිරූපණය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගත් රසල් ක්‍රෝව්, ඕස්ට්‍රේලියානු රාජ්‍ය නිලධාරීන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් නොසලකා හැර ඇති ආකාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

අමතක නොකරන්න, ඕස්ට්‍රේලියාවේ දිග හැරී ඇති ඛේදවාචකය දේශගුණික විපර්යාස මත ඇතිවූවක්, අප විද්‍යාව මත පදනම් ව කටයුතු කළ යුතුව තිබෙනවා. 

අපගේ ගෝලීය ශ්‍රම බලකාය පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කළ යුතුයි.

විශ්වයේ විස්මිත නවාතැනක් වන අපගේ ලෝකය ආරක්ෂා කර ගැනීමට අප සැවොම කැප විය යුතුය. එය අපගේ අනාගතය තීරණය කරනු ලබනවා.

ඔහුගේ ප්‍රකාශයේ දැක්වූයේ එවැන්නකි. ජෙනිෆර් විසින් රසල් ගේ පණිවුඩය සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

රූපවාහිනී විශිෂ්ටත්වය අගයමින් කැරොල් බර්නෙට් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සුප්‍රකට විකට නිවේදිකා එලන් ඩිජෙනරස් ද ඕස්ට්‍රේලියාවේ මතුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූවාය.

මම කිසිවක් කීමට පෙර මතක් කරන්නට කැමතියි..

ඕස්ට්‍රේලියාව, අප ඔබට ආදරෙයි.

ඕස්ට්‍රේලියාවේ දුක් විඳින සෑම දෙනෙකුම අපගේ හද තුළ සිහිපත් කරන්නෙමු,

ඈ පවසා සිටියාය.

2020 වර්ෂය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් තානාපතිවරුන් ලෙස නම් කොට තිබුණේ සුප්‍රකට නළු පියර්ස් බ්‍රොස්නන් ගේ පුතුන් ය.

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් පීඩා විඳි ජනතාව අප සිහිපත් කරන්නෙමු, අප ඇතුළු ගෝල්ඩන් ග්ලෝබ්ස් හා එච්එෆ්පීඒ සියල්ලන් ඔබ සිහිපත් කරන්නෙමු, ධෛර්‍යමත් වන්න.

අප ඔබ සමඟයි. ඔබට දෙවියන්ගේ පිහිටයි,

බ්‍රොස්නන් පැවසීය.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ අවසාන අදියරෙදී සභාව ඇමතූ නිවේදක රිකී ජර්වයස් ඕස්ට්‍රේලියාවට ආධාර කරන මෙන් රැස්ව සිටි පිරිසෙයින් ඉල්ලා සිටියේය.

මීට අමතරව, නයෝමි වොට්ස්, කේට් බ්ලැන්ෂෙට්, සේරා ස්නූක්, ලෝරා ඩර්න්, පැට්‍රිෂියා ආර්කෙට්, ෆීබි වොලර් බ්‍රිජ් ඇතුළු සුපිරි හොලිවුඩ් නිළියන් ඕස්ට්‍රේලියානු ලැව් ගිනි වලින් පීඩා විඳි ජනතාව සිහිපත් කරමින් සිය හද අවදි කරන ලදී.

ෆීබි වොලර් බ්‍රිජ් තමා සම්මාන උළෙලට ඇඳි මිලෙන් අධික ගවොම වෙන්දේසි කරන බව පවසා සිටියාය.

ඒ ලැව්ගිනි වලින් පීඩා විඳි ජනතාවට ආධාර එකතු කිරීමේ අරමුණින් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි