×

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව මෙවර පෝලන්තයේදී

පෝලන්තයේදී මෙවර ඇති කර ගත් කැටොවය්ස් ගිවිසුම අරමුණු කර ගෙන ඇත්තේ පැරිස් ගිවිසුම ප්‍රකාරව ගෝලීය උණුසුම ඉහළයෑම සෙල්සියස් අංශක දෙකක ට අඩු ප්‍රමාණයක් පවත්වා ගැනීමටයි.


2015 පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ එකඟත්වයද සමග මෙවර දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පසුගිය සෙනසුරාදා රාතියේදී අවසන් විය. මෙවර සමුළුව පැවැත්වුණේ පෝලන්තයේදීය. යම් තරමක එකඟත්වයකට මෙවර සමුළුවේදී රටවල් පැමිණියද ලබන වසරේදී විසඳීමට වාද විවාද ගණනාවක් ඉතිරි කරමින් සමුළුව අවසන් වූ බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතය වී ඇත.

A man sits on the stairs of the event centre during the COP24 UN climate change conference.
Photograph: Kacper Pempel/Reuters


රටවල් විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රමාණය අවම කිරීම සම්බන්ධව මෙවර සමුළුවේදී සාකච්ඡාවට නැගුණ විවාද සම්පන්න මාතෘකාවක් වූ අතර ඒ සඳහා පැනවූ නව නීති මගින් යම් පාලනයක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇතැයි යන්න සාමාජිකයන්ගේ විශ්වාසය විය.

පෝලන්තයේදී මෙවර ඇති කර ගත් කැටොවය්ස් ගිවිසුම අරමුණු කර ගෙන ඇත්තේ පැරිස් ගිවිසුම ප්‍රකාරව ගෝලීය උණුසුම ඉහළයෑම සෙල්සියස් අංශක 2ක ට අඩු ප්‍රමාණයක් පවත්වා ගැනීමටයි.

දේශගුණික විපර්යාස සම්බන්ධව ගෝලීය පොදු නීති සංග්‍රහය අදාළ කර ගැනීමේදී සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටවලට අදාළව නම්‍යශීලී ලෙස යොදා ගත යුතු බවද මෙවර සාකච්ඡාවට ගැනුණු කරුණු අතර විය.

එමෙන්ම කාලාන්කරයක් තිස්සේ දියුණු පොාහාසත් රටවල් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටි දේශගුණික විපර්යාසයන් කෙරේ බලපාන හේතු සාධක සම්බන්ධව නීත්‍යනුකූලව සෑම රටක්ම වග වීමේ අවශ්‍යතාව සම්බන්ධවද මෙවර සාකච්ඡා කෙරිණි.


පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් ප්‍රකාශ කෙරුණු ගෝලීය උණුසුම ඉහළයෑම සෙල්සියස් අංශක 5 දක්වා සීමා කිරීමේ අවශ්‍යතාවට ඇමරිකා එක්සත් ජනපදයේ, සවුදි අරාබිය, රුසියාව සහ ක්වේටයේ විරුද්ධත්වය ප්‍රකාශ වීම සම්බන්ධව ජාත්‍යන්තර විද්‍යාඥයින් සහ නියෝජිතයින් සිය පුදුමය පළ කර සිටියහ.

දේශගුණික විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දී තිබුණේ මේ වන විට සෙල්සියස් අංශක 3 ක උෂ්ණත්ව වර්ධනයක් පවත්වා ගනිමින් ලෝකය සම්පූර්ණ ලෙසම වැරදි මගක ගමන් කරමින් සිටින බවයි.

ඒ සම්බන්ධව වඩාත් ගැලපෙන ඉලක්කයක් පවත්වා ගෙන යන්නට නම් සමාජයේ සියලු ම අංශයන්හි පෙර නොවූ අයුරේ වෙනස්කමක් සිදු විය යුතු බවද වාර්තාව සඳහන් කරයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි