×

ලොව පුරා ස්ථාන 450 ක ගෝලීය දේශගුණ වැඩ වර්ජනයක්

දේශගුණික ව්‍යසනයන්ට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් නිවාස, යටිතල පහසුකම් සහ ජීවනෝපායන් සඳහා දේශගුණය ආශ්‍රිත විනාශයන් සඳහා වන්දි ගෙවීමට මෙමඟින් සැළසුම් කෙරෙයි.


දේශගුණික බිඳවැටීමෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වන්දි ගෙවීම අපේක්ෂාවෙන් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා එක් දිනයක ක්‍රියාත්මක කරන ලද ගෝලීය දේශගුණ වැඩ වර්ජනයක් පවත්වා තිබේ. ෆ්‍රයිඩේස් ෆෝ ෆියුචර් ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලොව පුරා ස්ථාන 450 ක පමණ “දේශගුණික වන්දි සහ යුක්තිය සඳහා” වැඩ වර්ජන සැලසුම් කරන ලදී.

නවසීලන්තයේ සහ ජපානයේ සිට ජර්මනිය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙහි ක්‍රියාකාරීන්, පාසල්, විශ්ව විද්‍යාල සහ රැකියාවල නියුක්ත වූවන් ගෝලීය උණුසුමෙන් දුප්පතුන්ට සිදු කරන හානිය සඳහා ධනවත් රටවල් වන්දි ගෙවිය යුතු බවට මෙහිදී අවධාරණය කෙරේ.

දේශගුණික ව්‍යසනයන්ට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් නිවාස, යටිතල පහසුකම් සහ ජීවනෝපායන් සඳහා දේශගුණය ආශ්‍රිත විනාශයන් සඳහා වන්දි ගෙවීමට මෙමඟින් සැළසුම් කෙරෙයි.


දේශගුණික අර්බුදය විසඳීම සඳහා යුරෝ බිලියන 100 ක අරමුදලක් පිහිටුවන ලෙස ජර්මානු අගනුවර පැවැති රැළිය ඔවුන්ගේ ආන්ඩුවෙන් ඉල්ලා සිටිනු ලැබීය. විශාලතම වැඩ වර්ජනය බර්ලිනයේ හි සිදු වූ අතර තරුණ ක්‍රියාකාරීන් 400ක් පමණ ඒ වෙනුවෙන් රැස් විය. රෝමයේද, තරුණයින් 5,000 ක් කොලොස්සියම් අසල පාගමනක් සඳහා පැමිණ සිටින්නට විය.

දේශගුණය ආශ්‍රිත ව්‍යසන හේතුවෙන් සිදුවන ගැටලු සඳහා අරමුදල් සැපයීම සඳහා මෙතෙක් පියවර ගෙන ඇති එකම ධනවත් රට ඩෙන්මාර්කය වන අතර, එය විසඳීම සඳහා DKK මිලියන 100ක මුදලක් ලබා දෙන බව මේ සතියේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඔවුන් නිවේදනය කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි