×

කන්ග්‍රැජුලේෂන්ස් ශෙහාන්!

Congratulations Shehan !


Congratulations Shehan !

සාහිත්‍ය ෆෑන්ස්ලගෙ හිත්වල පායපු අලුත්ම තරුව ශෙහාන් කරුණාතිලක. ඊයෙ උදේ වෙද්දි ශෙහාන් වර්ල් වයිඩ් නිව්ස් එකක් වුණා.  බුකියෙ කොයි කොණ බැලුවත් හිටියෙ ශෙහාන් කියන මැදිවයස්කාර තරුණයා. මිනිහා හිටියෙ නිකං නෙවේ මුළු මහත් සාහිත්‍ය ලෝකයාවම හිරිවට්ටපු තමන්ගෙ ‘නවල්’ එකත් අතේ තියාගෙන. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මෙයිදා’, ඒක තමා නම. මේ ශෙහාන්ගෙ දෙවනි පොත. 

ලංකාවෙ සිවිල් යුද්ධ කාලෙදි මැරුණු,  ඊට පස්සෙ මරණින් නැගිටපු ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමන් ගත්ත ෆොටෝස් හොය හොය වගේම තමන් මුහුණ දුන්නු අද්දැකීම්වල සැරිසරන ගමන් ඒවා අනුවේදනීය විදියට රීඩර්ට දනවමින් ටිකක් හොරර් ටච් එකේ ලියවෙච්ච පොතක්. හැමෝම දන්න විදියට, ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය ත්‍යාගය වෙන බුකර් ත්‍යාගය, දෙදහස් විසි දෙක අවුරුද්දෙ අයිති වෙන්නෙ මේ පොතට සහ ලිව්ව ශෙහාන්ට. ශෙහාන් තමන්ගෙ තේමාව ඉම්ප්ලිමන්ට් කරන ස්ටයිල් එකට ඉතා ඉහළ විචාරක පැසසුම් ලැබෙනවා.  මැජිකල් සහ හොරර් ගතිය ඒ ලිවීම්වල තියෙනවා කියලා කියන්නෙ , විචාරකයො. Baltimoraට පොත කියවන්න තරම් ඉඩක් හම්බවුණේ නෑ කියලත් කියන්නම ඕනෙ. 

ශෙහාන්ගෙ පළවෙනි පොත ‘චයිනමන්’. ඒකත් සම්මානිත ග්‍රන්ථයක්. ඉංග්‍රීසි සාහිත්‍ය මුල් කරගෙන ලංකාවෙ තියෙන සම්මාන උළෙල තමා, ග්‍රේෂන් අවෝඩ් කියන්නෙ. 2011 දි ශෙහාන්ගෙ,  චයිනමන්ට මේ පැසසුම ලැබෙනවා. ඒවගේම කොමන් වෙල්ත් බුකර් ප්‍රයිස් එකත් ලැබෙනවා. පළවෙනි පොතටම ලංකාවෙනුත් සම්මාන අරගෙන, දෙවෙනි පොතට ලෝකෙන්ම සම්මානයක් අරන් ඇවිත් ලංකාවට දෙන්න තරම් ශෙහාන් කරුණාතිලක, පුදුමාකාර ලියන්නෙක් බව තව තවත් පසක් කරනවා. 

Britain’s Queen Camilla presents winner Shehan Karunatilaka with trophee for “The Seven Moons of Maali Almeida” at the Booker Prize for Fiction 2022 awards ceremony, in London, Britain, October 17, 2022. REUTERS/Toby Melville/Pool

ශෙහාන් කියන විදියට, ලංකාව ගැන ඕන තරම් ලියන්න දේවල් තියෙනවා. යුද්ධය, සුනාමිය, ලංකාවේ යටත් විජිතකරණය වගේ ඒවා. ලංකාවෙ මේ වගේ ඩිසාස්ට්‍රස් සිද්ධි ගොඩක් තියෙනවා. ඒවා රහ කරල ලියන්න පුළුවන් කියන එක නෙවෙ ශෙහාන් කියන්නෙ. ලිවීම අවංක වෙන්නෝනෙ කියලයි , මිනිහා කියන්නෙ. “ඉෆ් යු ආ රයිටින් එනි ලෝකල් ස්ටෝරි, යූ ශුඩ් කීප් ඉට් වෙරි ලෝකල්”. ශෙහාන් කියන්නෙ එහෙමයි.  මේක එයා කියන්නෙ අවුරුදු දහයකට කලින් ‘චයිනමන්’ එකට ප්‍රයිස් එක ගත්ත වෙලාවෙ කරපු යූටියුබ් ඉන්ටර්වීව් එකකදියි. 

ඒ විශ්වාසය මත පිහිටා තමයි ශෙහාන් ලංකාව ගැන ලියන්නෙ කියන එක , දැනටමත් ඔප්පු වෙනවා. මොකද, ‘මාලි අල්මෙයිදා’ පොතේදි ලංකාවේ මිත්‍යා විශ්වාස සම්බන්ධ කොන්සෙප්ට් එක ඔහු ගේනවා. මාලි අල්මෙයිදා මරණින් නැගිටීම, මරණින් පස්සෙ දවස් හතක් යනතුරු අවතාර සැරිසරන බව විශ්වාසය, මේ හැමදේම ඇසුරෙනුයි, ප්‍රබන්ධය ගොඩනැගෙන්නෙ. මේවා ලාංකික විශ්වාසවල තදටම තියෙනවා. 

මරු කතරට දිය පොදක් වගෙයි, ශෙහාන්ගෙ මේ සාහිත්‍යකාමී හයේ පහර. ඒ තරං සතුටුයි. මේ වගේම සතුටක් අපිට ආව ගිය අවුරුද්දෙත්. ඒ අනුක් අරුද්ප්‍රගාසම් නිසා. ගිය අවුරුද්දෙම මේ වගේ කාලෙක අනුක්ගෙ ‘අ පැසේජ් නෝත්’ නවල් එක බුකර් ප්‍රයිස් එකට ශෝට්ලිස්ට් වෙනවා. අපි ගැන, අපි වෙනුවෙන් ලෝකයක් ඉස්සරහ උන් ලියනවා. උන් සම්මාන ගන්නකොට අපි මෙහෙ ඉඳන් අත්පුඩි තලන්නෙ ඉවවහා යන සතුටකින්. අත්පුඩිය කියන්නෙ හැමෝටම තේරෙන භාෂාවක්. නොතේරෙන භාෂාවක් උනත් නැවත ඉගෙන ගෙන  ලියන්න තරම් ශක්තියක් පැශන් එකක් ලංකාවෙ අපේ අයට හැදෙනවා ශෙහාන්ලා මේ කරන වැඩවලින්. ඩියර් කොම්‍රේඩ් ශෙහාන්, දිස් ඊස් ඇන් අන්බිලීවර්බල් ජොබ්! 

BALTIMORA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි