×

ට්‍රම්ප්ගේ දේශපලපාන කුමන්ත්‍රණයට එරෙහි රිට් පෙත්සමක්!

ඇමරිකානු බලශක්ති ලේකම් ද ට්‍රම්ප් ගේ දේශපාලන කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවට ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා නඟයි.


ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් පාක්ෂික සාමාජිකයන් එරට බලශක්ති අමාත්‍යංශ ලේකම් රික් පෙරීට එරෙහි රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන්ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයට හවුල් වූයේ යන චෝදනා පිට ය. 

ජනපති ට්‍රම්ප් පසුගිය දිනක යුක්‍රේන ජනපති වොලොදොමිර් සෙලෙන්ස්කි හට දුරකතන ඇමතුමක් ලබා ගනිමින් තම දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන් ගේ යුක්‍රේන සබඳතා පිළිබඳ විමර්ශනය කිරීමට සහය පළ කල බවට පළවූ ප්‍රවෘත්තියත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝශාභියෝගයක් ගෙන ඒමට ද ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කළේය. එම දෝශාභියෝගයට අදාල විමර්ශන කටයුතු සිදුකරන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසිනි.

ඉහත කී දේශපාලන කුමන්ත්‍රණය තුළ බලශක්ති ලේකම් රික් පෙරී ද යම් භූමිකාවක් නියෝජනය කර ඇති බවට චෝදනා නඟන ඩිමොක්‍රටික් පක්ෂය මෙසේ ඔහුට විරුද්ධව රිට් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන ලදී.

ට්‍රම්ප්ට එරෙහි ගොනුවූ දෝශාභියෝගයේ විමර්ශන කටයුතු සිදුකරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කමිටු තුනක සභාපතිධූරය දරන තැනැත්තා රික් පෙරීට ලිඛිතව මේ පිළිබඳ දැනුම් දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි