×

හෙට සිට බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්!

තෙරේසා මේ ඉවත්වීමේ ලිපිය හෙට සවස බ්‍රිතාන්‍ය මහ රැජිණ වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය


බෙ‍්‍රක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වයන්  හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ සිය අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරන ලදී ඒත් සමග නව අගමැතිවරයෙතු තොරා පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සකස්වෙමින් පැවති අතර එහි අවසන් පියවර ලෙස අද දිනය තුළ නව අගමැතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වුනේ කවුරුන්දැයි යන්න ප්‍රකාශයට පත් කරනු ඇත.

අගමැති ධූරය මෙන්ම බ්‍රිතාන්‍ය කන්සවෙටිවු පක්ෂයේ නායකත්වයද නව නායකයාට හිමි වනු ඇති අතර මේ සදහා තේරී පත්වීමට සුදුසුකම් ලබා දිටින්නේ බොරිස් ජොන්සන් හෝ ජෙරමි හන්ට් ය.
ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පුද්ගලයා නව අගමැතිවරයා හෙට (24) සිට ධුරයේ කටයුතු සිදු කරනු ඇති බව  බි‍්‍රතාන්‍යය පවසයි. 

මොරිස් ජොන්සන් අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට වැඩි දෙනෙකුගේ විශෟවාසය වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනු ලබයි. 

තෙරේසා මේ  ඉවත්වීමේ ලිපිය හෙට සවස බ්‍රිතාන්‍ය මහ රැජිණ වෙත නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත‍ ඒ අනුව ඇය අද අවසන් වරට  ඇය කැබිනට් මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි