ඔවුහු එහිදී, දේශගුණික විපර්යාස සමග සටන් කළ හැකි, වඩාත් හොඳ සහ පරිසර හිතකාමී ප්‍රතිපත්ති සකස් කරන ලෙසට බල කරමින් සිටිති.
මෙම රැළියට ප්‍රකට චරිත කිහිපයක් ද එක් වී සිටිති. එයින් එක් අයෙක් වන්නේ සුපිරි නළු සහ හඬ කැවීම් ශිල්පී ජැවියර් බාඩෙන් ය. කැටමැරන් යාත්‍රාවක නැගී පරිසර සමුළුවට පැමිණි යොවුන් පරිසර වීරවරිය ග්‍රේටා තුන්බර්ග් ද මේ උද්ඝෝෂණවලට එක් ව සිටියි.
‘‘අපිට අවශ්‍ය වෙනස බලයේ සිටින අයගෙන් ලැබෙන්නේ නැහැ.‘‘ එහිදී පිිරිස අමතමින් ග්‍රේටා තුන්බර්ග් පැවසුවාය. ‘‘වෙනස ඇතිවන්නට යන්නේ ජනතාව තුළින්මයි. මහජනතාව ඒ වෙනස ඉල්ලා සිටිනවා..“
සංවිධායකයන් පවසන්නේ අවම වශයෙන් ලක්ෂ 5 ක් දෙනා මේ උද්ඝෝෂණ සඳහා එක්ව ඇති බවයි.
මෙයට සමගාමීව චිලී රාජ්‍යයේ සැන්තියාගෝ නුවර ද පරිසර උද්ඝෝෂණ පැවැත්වේ.
පහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණවල අවස්ථා කිහිපයකි.