×

දේශගුණික විපර්යාස පිළිබඳ කලාත්මක ඇසින් සිත්තරූ පෙළක්.. 

ලොව විශිෂ්ඨතම කලා නිර්මාණ සතරක් දේශගුණික විපර්යාස හමුවේ වෙනස් වූ අයුරු...


ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් අගනුවර පැවැත්වෙන COP25 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය ඇතිකරවීම සඳහා WWF නම් පරිසර සංරක්ෂණ කණ්ඩායම හා ප්‍රාඩෝ කෞතුකාගාරය එක්ව සිත්තරූ පෙළක් ඉදිරිපත් කර ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි විවිධ සංසිද්ධිවල පාරිසරික ප්‍රතිවිපාක ඉස්මතු කිරීම සඳහා ඔවුන් එක්ව ප්‍රාඩෝ එකතුවෙන් විශිෂ්ට කෘති හතරක් තෝරා ගෙන තිබේ.

මෙකී කෘති වල දැක්වෙන මනරම් දසුන් දේශගුණික විපර්යාස හමුවේ විනාශ වී යන ආකාරය ඔවුන් සිය ප්‍රදර්ශනයෙන් පෙන්වා තිබේ.

COP25 සමුළුව එළඹෙන දෙසැම්බර් 13 වන දින අවසන් වීමට නියමිතය.

දියෙගෝ වැලැස්කස් ගේ  Felipe IV a Caballo (Philip IV on Horseback) නම් සිතුවම

දේශගුණික විපර්යාසයෙන් පසු  Felipe IV a Caballo (Philip IV on Horseback) සිතුවම

 

ෆ්‍රැන්සිස්කෝ දි ගෝයා ගේ El quitasol (The Parasol) නම් සිතුවම

දේශගුණික විපර්යාස වලින් පසු El quitasol (The Parasol) සිතුවම

 

ජෝචිම් පටිනිර් ගේ El paso de la laguna Estigia (Landscape with Charon Crossing the Styx) සිතුවම

දේශගුණික විපර්යාස හමුවේ El paso de la laguna Estigia (Landscape with Charon Crossing the Styx) සිතුවම

 

ජෝක්වින් සොරොල්ලා ගේ Niños en la playa (Boys on the Beach) සිතුවම

දේශගුණික විපර්යාස හමුවේ Niños en la playa (Boys on the Beach) සිතුවම

 

පින්තූර හා මූලාශ්‍ර: බීබීසීය විසිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි