×

කාබන් වෙළඳ පළ නැවතත් මඟහැරුණ COP25 සමුළුව ගැන පසු විපරමක්

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරදී පසුගිය 02 වන දා ආරම්භ වූ ජගත් පරිසර සමුළූව හෙවත් COP25 රටවල් 197ක නියෝජිතයන් මේ සඳහා සහභාගි විය.


පසු ගියදා පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණීක සමුළුව වන COP25 රාජ්‍යයන් 200කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවතියේය. හරිතාගාර වායු ආචරණය අවම කිරීම සදහා ගෝලීය එකඟතාවකට පැමිණීම පිළීබදව එහි මූලික අවධානය යොමු වී තිබුණද කාබන් වෙළඳපොල නියාමනය සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙවර සමුළුවද අසමත් වූ බවට චෝදනා එල්ල වේ. සමුළුව අවසන් මෙහොතේදී ඒ පිළීබදව සාකච්ඡා කිරීම මීළඟ COP26 සමුළුවට කල් තබන ලදී.

මෙවර සමුළුව අවසන් කරමින් COP26 සමුළුව සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර කාබන් විමෝචනය අවම කිරීමට සියළු සාමාජික රටවල් ප්‍රතිඥා දුන්හ. 2015 පැරිස් ගිවිසුම සහ පවතින කාබන් විමෝචනික තත්ත්වය අතර පරතරය අවම කිරීමටද පොරොන්දු විය.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරදී පසුගිය 02 වන දා ආරම්භ වූ ජගත් පරිසර සමුළූව හෙවත් COP25 රටවල් 197ක නියෝජිතයන් මේ සඳහා සහභාගි විය.වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ සංවිධානය පසුගියදා නිවේදනය කිරීම මෙන්ම යුරෝපා සංගමය ද කාලගුණික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබීමද මෙවර සමුළුවේදී තව දුරටත් අවධානයට ලත් වූ කරුණු වෙයි.

කෙසේ වෙතත්, “ෆොසිල [ඉන්ධන] කර්මාන්ත සමඟ ව්‍යාපාරික ආකෘතිය දැඩි ලෙස සම්බන්ධ වී ඇති එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය ඇතුළු රටවල් අතර අඛණ්ඩ ගැටුම” සාකච්ඡා අතරතුර “ඉතා පැහැදිලිව දැකගත හැකි විය.
නමුත් කාබන් වෙළඳ පළ ගැන තීරණයක් ගැනීම හෝ සාකච්ඡා කිරම අතපසු විය . එසේ වුවත්
“ස්විට්සර්ලන්තය වැනි රටවල් සමුළුව තුළ හා සහ යුරෝපා සංගමය තුළ ජාත්‍යන්තර වෙළඳපල යාන්ත්‍රණයන් සමඟ වගකීමෙන් යුතුව කටයුතු කිරීම සඳහා තමන්ගේම නීති රීති ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ලදී.

පසුගිය සිකුරාදා පස්වරුවෙන් නිළ වශයෙන් අවසන් කෙරුණ COP25 සමුළුවේදී මතු කෙරුණ සාකච්ඡා කිහිපයක් නැවතත් සෙනසුරාදාවේද ආරම්භ විය. නමුත් අවසන් සම්මන්ත්‍රනය සඳහා නියමිතව තිබූ හමුවීම් 4ක් අවලංගු කෙරිණි ඒ 2015 පැරිස් ගිවිසුම සම්බන්ධව නියෝජිතයන් අතර මතභේදයන් ඉස්මතු වූ බැවිනි.

මැඩිරිඩ් හී දී පැවති COP25 සමුළුව පැවැත්වෙමින් තිබියදී එය පැවති සති දෙකක කාලය තුළ සුමුළුව ඉලක්ක කරගනිමින් දේශ ගුණික විපර්යාස සම්බන්ධව බිම් මට්ටමේ ක්‍රියාකාරකම් ගණනාවක්ද විවිධ  සංවිධාන විසින් සංවිධානය කර තිබිණි.

මේ අතර තුර මෙවර COP25 සමුළුවේ තවත් විශේෂත්වයක් වූයේ දේශ ගුණික විපර්යාස සම්බන්ධව ක්‍රියාකාරිණි ග්‍රේටා තන්බර්ග් සමුළුවට සහභාගී වීමත් එහිදී සිය අදහස් ප්‍රකාශ කිරීමත්ය. දේශ ගුණීක හදිසි අවස්ථාවක් සදහා ලෝකය අවධි වී ඇත යන්න මුල් කරගත් උද්ඝෝෂනයටක්ද දහස් ගණනක් ක්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 6 වන දින පැවැත්විණ.

සමුළුවේදී මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය යන කරුණු ද්වත්වය පසෙකට දමා ඇති බවට තරුණ දේශ ගුණික ක්‍රියාකාරීන් විසින් සමුළුවේ අවසන් දිනය හා සමගාමීව ගෝලීය වැඩ වර්ජනයක් සංවිධානය කර තිබිණ.

2050ප වන විට කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්කය සම්බන්ධව යුරෝපා සංගමය විසින් ගත් තීරණය අභිබවා යමින් COP25 සමුළුවේ මෙවර ඉලක්ක නිර්මාණය කරනු ලැබිණි.

කෙසේ වෙතත් මෙවර සමුළුවේ ප්‍රතිඵල විනිශ්චය කරළ හැකි වන්නේ ලබන වසර අවසානයේදී පැවැත්වෙන COP26 සමුළුවේදී පමණි. ඒ ලබන දෙසැම්බරයේ ග්ලාස්ගෝහීදී පැවැත්වෙන්නට නියමිත COP26 හී දී ජී 20 රාජ්‍යයන් අතරින් කීයක් දේශ ගුණික විපර්යාස කෙරෙහි සිය අභිලාෂය ඉහළ නැංවීමට කැමතිදැයි යන්න පිළිබද ජාතික මට්ටමින් තීරණය කිරීමේ දායකත්වය සාධනය කිරීමෙන් පසුවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි