×

ඇමරිකාවේ කොරෝනා වෛරසය ට එරෙහි හදිසි තත්වයක් නිවේදනය කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා “ජාතික හදිසි අවස්ථාවක්” ප්‍රකාශය කර ඇත.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා “ජාතික හදිසි අවස්ථාවක්” ප්‍රකාශය කර ඇත.

ට්‍රම්ප් විසින් සිය සංචාරක තහනම් සීමා පුළුල් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව යුරෝපයේ සිට එංගලන්තය හා අයර්ලන්තය දක්වා සංචාරක සීමා පැනවීම ඔස්සේ කොරෝනා වෛරසය පැතිරීමේ වේගය හා අවධානම අඩු කිරීමට ඇමරිකාව සූදානම් වෙමින් සිටියි.

ධවල මන්දිරයේ සංවාද මණ්ඩපයෙක අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, එක්සත් ජනපදය තුළ සංචාරය කිරීම සඳහා ඇති තහංචි පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයෙන් හෝ අයර්ලන්තයෙන් එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කිරීම අද දිනෙන් ආරම්භ වන බව උප ජනාධිපති මයික් පෙන්ස් පැවසීය. ජනාධිපති සෞඛ්‍ය කණ්ඩායමේ ඒකමතික සහයෝගය ඇතිව මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැවසීය.

ට්‍රම්ප් බදාදා ප්‍රකාශයට පත් කළ යුරෝපයේ රටවල් 26 කින් එක්සත් ජනපදයට ඇතුළුවීමට පනවා ඇති සීමාවන් මත නව සීමා පැනවේ. එම තහනම සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක විය.

වැඩබලන ආරක්ෂක ලේකම් චැඩ් වුල්ෆ් පැවසුවේ එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ සිට ආපසු පැමිණෙන එක්සත් ජනපද පුරවැසියන් ස්වයං නිරෝධායනයකට යටත් වන බවයි.

එක්සත් ජනපදයේ මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් 2,800 ක් වාර්තා වී ඇති අතර මරණ 58 ක් වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි