×

කොරෝනා මරණ 6000 ඉක්මවයි!

ඒ අතරම සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 169,593 ලෙස සටහන් වන අතර, රෝගී තත්වයෙන් සුවවූ පිරිස 77,764 ලෙස සටහන් වේ.


ලොව පුරා මේ වන විට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 6000 ඉක්මවා (6,516) තිබේ.

මින් ඉහළම නව මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඉතාලියෙන් වන අතර එය 368 ක් ලෙස සඳහන් වේ.

ඉතාලියේ වාර්තා වූ සමස්ත මරණ ගණන වන්නේ 1809 කි.

ඉතාලියේ වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 3590 කට අධික බව පැවසෙන අතර සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 24,747 ලෙස සටහන් වේ.

චීනයේ කෙටි කලක් තුළ වාර්තා වූ සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ඉතාලියේ පෙන්නුම් කරන බව මින් පෙනී යයි.

චීනයේ කොරෝනා වසංගතය හේතුවෙන් වාර්තා වූ නව ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 16කට ඉහළ වන අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,860 කි.

ඉන් ද සුව වූ පුද්ගලයින් සංඛ්‍යාව 67,752 කි. නව මරණ සංඛ්‍යාව 14 කට ඉහළ අගයක් යැයි වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 3213 කි.

මීට අමරතව, බ්‍රිතාන්‍යය තුළ ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්වූ බවට වාර්තා වූ අතර, එය පැය 24ක් ඇතුලත කොරෝනා ආසාදනයෙන් මිය ගිය ඉහළම සංඛ්‍යාව බවට සටහන් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට යුරෝපය කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය (epicentre) බවට නම් කර තිබේ.

ඒ අතරම සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 169,593 ලෙස සටහන් වන අතර, රෝගී තත්වයෙන් සුවවූ පිරිස 77,764 ලෙස සටහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි