×

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3 පසු කරයි… මිලියනයක් ඇමරිකාවෙන්

.


 

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තයන්ට අනුව ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව අද වන විට මිලියන 3 ඉක්මවා ගොස් ඇත. ඒ කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අවම වශයෙන් 217000 පසුකරමින් තිබියදීය. මේ අතර රෝගයෙන් සුව වූ සංඛ්‍යාව 929000ක් ලෙස වාර්ථා වේ.

මේ අතර අනෙකුත් රාජ්‍ය්‍යන් අභිබවමින් වැඩිම ආසාදිත පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්ථා වන්නට පටන්ගෙන ඇත. ඒ අනුව අද වන විට ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන එකක් ඉක්මවමින් පවතී. එය ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාවෙන් තුනෙන් එකකි. මේ අතර මෙතෙක් ඇමරිකානුවන් වැඩි සංඛ්‍යාවක් මිය ගිය අවස්ථාවක් ලෙස වාර්ථා වූ වියට්නාම යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව අභිබවා කොවිඩ් 19 හේතුවෙන් පුද්ගලයින් මිය ගිය බව අද වාර්ථා විය. එය 58000 ඉක්මවා යන සංඛ්‍යාවකි.

මේ අතර ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ පනවා ඇති සීමාවන් යම් තාක් දුරට ලිහිල් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් මේ වන විටත් මාංශ සැකසුම් සහ විකුණුම් හප් විවෘත කර තබන ලෙස ට ජනපතිවරයා විසින් පනවා ඇති නියෝගය පිළිබදව ජාත්‍යන්තර විචාරකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

මෙවැනි පසුබිමක් මත ලෝකයේ තවත් රාජ්‍ය්‍යන් කිහිපයක්ම පනවා ඇති යම් යම් සීමාවන් ලිහිල් කරමින් සාමාන්‍ය පරිදි සිය කටයුතු පවත්වා ගැනීමට උත්සහ ගනිමින් සිටින අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථා වූ ඉතාලිය , ප්‍රංශය, ස්පාංඤ්ඤය ආදී රාජ්‍ය්‍යන් ඉදිරියෙන් සිටී, කෙසේ වෙතත් පසුගියදා ජාත්‍යන්තර ප්‍රතාශක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ කිසිදු රාජ්‍ය්‍යක් විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම කිසිසේත් මෙම අවස්ථාවේ සිදු කළ යුතු ක්‍රියාවක් නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි