×

කොරෝනා මරණ ගණන 1000 ඉක්මවයි – Update

ඊයේ (10) දිනයේ චීනයෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 108 දක්වා ඉහළ යාමත් සමග චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1018 දක්වා ඉහළ ගියේය.


මරණ දහස ඉක්මවන සන්ධිස්ථානය කොරෝනා වෛරසයට අනියත බියක් ඇති කර ගත යුතු නැති බව මෙන්ම, එය කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්වයක් නොවන බව ද අවධාරණය කරයි.

චීනයෙන් මෙම මරණ සංඛ්‍යාව නිල වශයෙන්, එනම් සෞඛ්‍ය බියුරෝව මගින් වාර්තා කරන්නේ ඔවුන් විසින් සත්‍ය තොරතුරු හෙළිකිරීම සම්බන්ධයෙන් වාරණයක් පනවා තිබේයැයි සැක සහිත වාතාවරණයක් ද තුළ ය.

ඒ නිසා චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව සැබවින්ම මෙයට වඩා වැඩි අගයක් ගත හැකි බවට ද මත පළ වේ.

චීනය හැරුණු විට මේ වන විට හොංකොං සහ පිලිපීනයෙන් ද කොරෝනා මරණ 2 ක් වාර්තා වේ. මේ අතරින් හොංකොංවලින් වාර්තා වූ මරණය ඇමරිකානු පුරවැසියෙකුගේ ය.

චීනයෙන් ආසාදිතයන් 4000 ක්

නිල වාර්තාවලට අනුව චීනය තුළ මේ වන විට ආසාදිතයන් 4000 කට අධික සංඛ්‍යාවක් සිටිති. ආසාදනයට ලක්ව සුවය ලබා රෝහලෙන් පිටව ගිය අය ද මේ අතරට ගැනෙන බව චීන වාර්තා පෙන්වා දෙයි.

පිටාර නළයක් ගැන හොංකොං විමර්ශන

මේ අතර හොංකොං පරිපාලන ප්‍රධානී කේරි ලැම්, මහල් නිවාසයක පිටාර නළයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙසට බලධාරීන්ට උපදෙස් දී තිබේ. මහල් නිවාසයේ එකම මහලේ ජීවත් වූ නිවැසියන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් බවට පත්වීමත් සමග, මෙම අපහනය නළය මගින් කොරෝනා වෛරසය හෝ එම විෂබීජ පතුරුවා හැරියේදැයි සැක පළ වේ.

මේ අතර එම මහල් නිවාසයේ වායු නළවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

Main Image: Al Jazeera

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි