×

ඉන්දියාවේ නිරෝධායන මධ්‍යස්ථන වලින් පලා යන සංක්‍රමණිකයෝ:

උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යයන් අතර වන අතර මුළු ජනගහනය මිලියන 350 කට වඩා වැඩිය. මෙම ජනාකීර්ණ ප්‍රදේශවල වෛරසය පැතිරුණහොත් එය මහා විනාශයක් විය හැකිය.


ඉන්දියාවේ නගර ලොක්ඩවුන් කිරීමෙන් පසු එම නගර වලින් තම උපන් නගර හෝ වාසස්ථාන පිහිටි නගර වෙත් පලායට කටයුතු කළ ඉන්දියානුවන්ව නිරෝධායන මධ්‍යස්ථන වලට යොමු කිරීමට ඉන්දීය රජය පසුගියදා කටයුතු කර න්නට විය.

නමුත් මේවන විට වාර්තා වන්නේ මෙසේ යොමුකළ ඉන්දියානුවන් එම මධ්‍යස්ථාන වලින්ද පලා යෑමට තැත් කරන බවයි.

රජයේ පාසල්වල සහ ගම් සභා ගොඩනැගිලිවල උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්තවල මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන දහස් ගණනක් පිහිටුවා ඇත. නමුත් ඉන් බොහෝමයක මූලික පහසුකම් වත් හරිහැටි නොමැත.

බිහාර් හි සමහර මධ්‍යස්ථාන වල මිනිසුන් රාත්‍රියේ පලා ගොස් නැවත දිවා කාලයේ නොමිලේ ආහාර ලබා ගැනීම සඳහා ආපසු පැමිණෙන බව වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යයන් අතර වන අතර මුළු ජනගහනය මිලියන 350 කට වඩා වැඩිය. මෙම ජනාකීර්ණ ප්‍රදේශවල වෛරසය පැතිරුණහොත් එය මහා විනාශයක් විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි