×

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණ දුන් දැවැන්තම අභියෝගය කොරෝනා වසංගතයයි – ඇන්ජෙලා මාර්කෙල්

ඉතා කලාතුරකින් ජනතාව අමතන ඇය මෙසේ රූපවාහිනිය ඉදිරියේ ජනතාව ඇමතීම තුළම තත්ත්වයේ බරපතල බව වටහා ගත හැකි වෙයි.


කොරෝනා වෛරසයට එරෙහි සටන දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ප්‍රකාශ කරයි.  ඇය  රූපවාහානිය හා ජනතාව ඉදිරියට එන්නේ ඉතා කලාතුරකිනි.

ඇය සිය ජනතාවගෙන් ආයාචනය කර සිටින්නේ ලොව පුරා පැතිර ඇති වෛරසය මන්දගාමී කිරීමට දායක වන ලෙසයි.  ”තත්ත්වය බරපතලයි.. එය බැරෑරුම් ලෙස සළකන්න.. දෙවන ලෝක යුද්ධයෙන් පසු අපගේ රට සාමූහිකව මුහුණ දිය යුතු වන දැවැන්ත අභියෝගය මෙයයි… ලෙස ඇය පවසා සිටියි. ඇය පවසා සිටින්නේ මිනිස් සතුරෙකු නොමැති අපේ කාලයේ දැවැන්තම යුද්ධය වන්නේ මෙම වසංගතය බවයි.

වස 15ක සිය ධූර කාලය තුළ මූල්‍ය අර්බුද, 2015 වසරේ සරණාගත අර්බුදය, සහ බ්‍රෙක්සිට් අර්බුදය වැනි තත්ත්වයන් හීදී ඇය ජනතාව ඇමතීමට කටයුතු කළද ඉන් ඔබ්බට ජනතාව ඇමතීමට ඇය කටයුතු කරන ලද්දේ මෙම අවස්ථාවේදීය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ ජර්මන් චාන්සලර්වරිය ජනතාව ඇමතීම සිදු කිරීම ඉතා කලා තුරකින් සිදු කරන බවත් ඇය මෙසේ රූපවාහිනිය ඉදිරියේ ජනතාව ඇමතීම තුළම තත්ත්වයේ බරපතල බව වටහා ගත හැකි බවයි.

“සියලු පුරවැසියන් තමන්ගේම කාර්යයන් සැබවින්ම වටහා ගන්නේ නම් අපට මෙම කර්තව්‍යය සාර්ථක කර ගත හැකි බව මම විශ්වාස කරමි,” මර්කෙල් පැවසීය.

වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වඩ වඩාත් උත්සාහයන් දරමින් ෆෙඩරල් සහ පළාත් පාලන ආයතන පාසල්, බොහෝ ව්‍යාපාර සහ පොදු ස්ථාන වසා දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි