×

ගෙවුණු පැය 24 තුළ රුසියාවේ කොරෝනා ආසාදිතයන් 10 633ක් !

පසුගිය පැය 24 තුළ රුසියාව කොරෝනා වෛරස් ආසාදිතයන් 10,633 ක් වාර්තා කර ඇති අතර එය රට තුළ පැතිරීම ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම අගයයි.


පසුගිය පැය 24 තුළ රුසියාව කොරෝනා වෛරස් ආසාදිතයන් 10,633 ක් වාර්තා කර ඇති අතර එය රට තුළ පැතිරීම ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම අගයයි.

මෙම වැඩිවීමත් සමඟ රුසියාවේ මුළු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 134,686 ක් වන අතර එය ලෝකයේ හත්වන ඉහළම අගයයි. එහෙත් එක්සත් ජනපදය, ඉතාලිය සහ ස්පාඥ්ඥය වැනි අනෙකුත් රටවලට සාපේක්ෂව රුසියාවේ මරණ අනුපාතය අඩු මට්ටමක පවතී.

ඊයේ එනම් ඉරිදා, තවත් වෛරසය හා සම්බන්ධ මරණ 58 ක් ප්‍රකාශයට පත් කළ අතර,ඒ අනුව රුසියාවේ මරණ මුළු සංඛ්‍යාව 1,280 කි. වෛරසය දැඩි වශයෙන් පහර දී ඇත්තේ රුසියාවේ මොස්කව් නගරය ට වන අතර මේ වන විට එහි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන්නේද ඉතා අසීරුවෙන් බව වාර්තා වේ.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සෙනසුරාදා කියා සිටියේ අගනුවර තවමත් කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව පසු කර නොමැති බවයි. මිලියන 12 ක පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර ඇති අතර මේ වන විට මොස්කව් නගරය දැඩි ලෙස අගුලු දමා තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තත්වය “ඉතා බරපතළ” බවයි. ඉදිරි සති කිහිපය තුළ “වසංගතයේ දරුණු අවධියක්” ඇතිවනු ඇතිබවට ඔහු රුසියානුවන්ට අනතුරු අඟවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි