×

චීනයේ අද්භූත වෛරසය වැළදුණු තුන්වැනි රෝගියාත් මියයයි!-Update

චීනයේ ව්‍යාප්ත වීම ආරම්භ වූ හදුනානොගත් වෛරසය මුලින් හඳුනාගත් නගරයෙන් ඔබ්බට පැතිරීම නිසා තවත් රෝගීන් 139 දෙනෙක් පිලිබද වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇත.


චීනයේ ව්‍යාප්ත වීම ආරම්භ වූ හදුනානොගත් වෛරසය මුලින් හඳුනාගත් නගරයෙන් ඔබ්බට පැතිරීම නිසා තවත් රෝගීන් 139 දෙනෙක් පිලිබද වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙය නියුමෝනියාව හා සමාන රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වයිරසයක් වන අතර ඒ පිලිබදව තවදුරටත් පරීක්ෂණ කෙරෙමින් පවතී.

බීජිං හි සෞඛ්‍ය බලධාරීන් සඳුදා වෛරස් රෝගීන් දෙදෙනෙකු වාර්ථා කළ අතර ගුවාංඩොං බලධාරීන් ෂෙන්සෙන් හි එක් සිද්ධියක් වාර්තා කළහ – මෙම අද්භූත වෛරසය චීනයේ මධ්‍යම නගරය වන වුහාන් වලින් ඔබ්බට දේශීයව පැතිරී ඇත.

මියගිය රෝගීන් තිදෙනාම වුහාන් වෙත පැමිණ ඇති අය බව විශ්වාස කෙරේ.

සෙනසුරාදා සහ ඉරිදා දිනවල නව රෝගීන් 136 දෙනෙකු හඳුනාගෙන ඇති බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම අද අලුයම නිවේදනය කළේය. ඉන් එක් අයෙකු වෛරසයෙන් මියගොස් ඇති අතර දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර 33 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති.

චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් – ආසියාව සීරුවෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි