×

කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල තවත් දින කිහිපයක් සූදානම්!

පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය: "එය ගර්භණී පරීක්ෂණයක් සේ පෙනේ. ඔබ සිදු කළ යුත්තේ දියවැඩියා පරීක්ෂණයකදී මෙන් ඇඟිල්ලක් හිල් කර ලේ බිදුවක් පෙරහන් කඩදාසි මත තබා එම රුධිරය පරීක්ෂණ කලාපයට ගෙන යාම සඳහා දියරයක් යෙදීමයි" පරීක්ෂණ මගින් "ඔබට ප්‍රතිදේහ තිබේදැයි බැලීමට හැකි අතර, එම අවස්ථාවේ දීම ඔබ ආසාදනය වී ඇති බව ඔබට දැනගත හැක " යනුවෙන් ඇය පැවසුවාය.


එංගලන්ත මහජන සෞඛ්‍ය සේවායට අනුව මිලියන ගණනක් නව කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල දින කිහිපයක් සූදානම් කළ හැකි බව වාර්තා වේ. මෙම වෛරස් කට්ටල පිලිබදව කතාකරමින් අගමැති බොරිස් ජොන්සන් පසවා සිටියේ ඒවා මෙම වෛරස් වසංගතයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වනු ඇති බවයි.

පුද්ගලයෙකුට COVID-19 සඳහා ප්‍රතිදේහ තිබේද යන්න එයින් පෙන්වනු ඇත, ඔවුන් එසේ කළහොත් එයින් අදහස් කරන්නේ ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන්ට නැවත සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ හැකි බවයි.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයේ ජාතික ආසාදන සේවයේ අධ්‍යක්ෂ මහාචාර්ය ෂරොන් පීකොක් බදාදා හෙළි කළේ එවැනි පරීක්ෂණය මිලියන ගණනක් ඇණවුම් කර ඇති අතර එය “නුදුරු අනාගතයේදී” භාවිතා කළ හැකි බවයි. කෙසේ වෙතත්, එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ක්‍රිස් විටි පරීක්ෂණ පිළිබඳව වඩාත් සැලකිලිමත් වූ අතර ඔහු පවසා සිටින්නේ මෙම පර්‍යේෂණ සිදු කිරීමට ගත වන්නේ ඉතාම සුළු කාලයක් බවයි.

මහාචාර්ය විට්ටි පැවසුවේ පරීක්ෂණ පළමුව තක්සේරුවකට ලක් කළ යුතු බවත්, පසුව පරීක්ෂණ සඳහා ප්‍රධාන ප්‍රමුඛතාවය වනුයේ රෝග ලක්ෂණ නොපෙන්වා කොපමණ පිරිසකට COVID-19 ඇතිද යන බවත් ය.

ඉන්පසුව මෙම පරීක්ෂණ සාමාන්‍ය ජනතාවටද සිදු කළ හැකි ලෙස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

සාක්‍ෂි වලට අනුව දැනටමත් ආසාදනය වී සුවය ලබා තිනෙන අයෙක් නම් දෙවරක් කොරෝනා වෛරසය ට ගොදුරු විය නොහැකි බව රජය පවසයි.

ගර්භණී පරීක්ෂණවලට සමාන පෙනුමක් ඇති මෙම පරීක්ෂණ ඇමසන් ඔස්සේ ඇණවුම් කළ හැකි අතර බූට්ස් වැනි ප්‍රධාන ශාඛා වලින්ද ලබා ගත හැකි බව මහාචාර්ය පීකොක් පැවසීය. බූට්ස් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සමාගම “COVID-19 පරීක්ෂණ සඳහා සහාය වීමට ඇති අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා රජය සමඟ කටයුතු කිරීමට උනන්දුවක් දක්වන” බවයි. “කෙසේ වෙතත් අපගේ වෙළඳසැල්වල තවමත් කිසිදු ආකාරයක COVID-19 පරීක්ෂණ නොමැත. පාරිභෝගිකයින් මේ සඳහා බූට්ස් වෙළඳසැලකට හෝ ෆාමසියකට සංචාරයක් නොකළ යුතුය.” ඔහු තවදුරටත් පැවසීය.

කොරෝනා වෛරසයට එරෙහි ගෝලීය සටනේදී පරීක්ෂණ වේගවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල්වලින් ඉල්ලා තිබේ. ජොන්සන් මහතා දිනපතා පරීක්ෂණ “දිනකට 5,000 සිට 10,000 දක්වා 25,000 දක්වා සහ 250,000 දක්වා වැඩි කිරීමට” පොරොන්දු වී ඇත.

වීඩියෝ සබැඳියක් හරහා හවුස් ඔෆ් කොමන්ස් විද්‍යා හා තාක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටි මහාචාර්ය පීකොක් පැවසුවේ ඔක්ස්ෆර්ඩ් හි රසායනාගාරයකදී නව පරීක්ෂණ “වේගයෙන්” පරීක්ෂණයට ලක් කර ඇති බවත් මේ වන විට මිලියන 3.5 ක් ඇණවුම් කර ඇති බවත්ය.තවද ඔහු අනාවරණය කළේ පරීක්ෂණ ඇගයීම මේ සතිය අවසන් වන විට සිදු කරනු ඇති බවයි.

පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය: “එය ගර්භණී පරීක්ෂණයක් සේ පෙනේ. ඔබ සිදු කළ යුත්තේ දියවැඩියා පරීක්ෂණයකදී මෙන් ඇඟිල්ලක් හිල් කර ලේ බිදුවක් පෙරහන් කඩදාසි මත තබා එම රුධිරය පරීක්ෂණ කලාපයට ගෙන යාම සඳහා දියරයක් යෙදීමයි” පරීක්ෂණ මගින් “ඔබට ප්‍රතිදේහ තිබේදැයි බැලීමට හැකි අතර, එම අවස්ථාවේ දීම ඔබ ආසාදනය වී ඇති බව ඔබට දැනගත හැක ” යනුවෙන් ඇය පැවසුවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි