×

අවසන් අදියරේ කොරෝනා වෛරස් එන්නත් අත්හදා බැලීම් ඇරඹෙයි

ඇස්ට්‍රා සෙනෙකා සහ ජොන්සන්ස් ඇන්ඩ් ජොන්සන්ස් සමාගම් විසින් නවතා දමා තිබූ කෝවිඩ්-19 එන්නත් අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.


ඒ අනුව මේ ආරම්භ වන්නේ අවසන් අදියරේ අත්හදා බැලීම් ය.

AstraZeneca සමාගමේ එන්නත අත්හදා බැලීම පසුගිය සැප්තැම්බර් මාසයේ සිට නවතා තිබූ අතර, ජොන්සන් සහ ජොන්සන් සමාගමේ එන්නත අත්හදා බැලීම පසුගිය සතියේ මුල සිට නතර කොට තිබිණ. මේ සමාගම් දෙකට ම ආරක්ෂක දත්ත යළි නිර්ණය කරන්නට බැරෑරුම් සෞඛ්‍ය ගැටලුවක් ඇති කර ගත් ස්වේඡාවෙන් ඉදිරිපත් වූ තැනැත්තෙක් බැගින් සිටිති.

මේ කොරෝනාවෛරස එන්නත් දෙකට අමතරව මෙලෙස අත්හදා බැලීමේ අවසාන අදියරේ සිටින තවත් මෙයාකාරයේ එන්නත් කීපයක් ද වෙයි. මෙය නියාමකයේ අනුමැතිය ලබා ගන්නට පෙර සිදුවන අවසාන අදියර ද වේ.

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයෙන් මෙම අත්හදා බැලීම් නැවත අරඹන්නට අවසරය ලැබුණේ සිකුරාදා බව මේ දෙපාර්ශවය කියා සිටිති.

මෙවැනි ඖෂධ සහ එන්නත් අත්හදා බැලීම් තාවකාලික ව නතර කිරීම සාමාන්‍ය තත්ත්වයකි. දහස් ගණනක් සහභාගිවන මෙ වැනි පරීක්ෂණ අතරතුර ඇතැමෙක් අසනීප තත්ත්වවලට බදුන් වන්නට පිළිවන. මෙ මගින් සිදුකෙරෙන්නේ, එවැනි අසනීප තත්ත්ව එන්නත හේතුවෙන් ද, නැතිනම් වෙනත් හේතුවක් නිසා සිදුවන්නක් ද යන්න බැලීම යි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් දියුණු කරන ලද AstraZeneca එන්නතේ අවසාන අදියරේ පර්‍යේෂණ මේ වන විටත් එක්සත් රාජධානිය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ජපානය යන රටවල ඇරැඹී තිබේ.

“ලොව පුරා සායනික පර්‍යේෂණ නැවත් ඇරැඹීම ඉතා හොද ප්‍රවෘත්තියක්. මේ ගෝලීය වසංගතය පරාජය කිරීමට එන්නතක් දියුණු කිරීමේ අපේ උත්සහයට එය ඉඩහසර සලසනවා” යැයි AstraZenecaහි ප්‍රධාන විධායක නිලධාරී පැස්කල් සොරියොට් කියා සිටියි.

AstraZenecaහි අධ්‍යයනට එක්සත් ජනපදයේ 30,000ක පිරිසක් සම්බන්ධ වී සිටිති. එහිදි එක් බ්‍රිතාන්‍ය ජාතිකයකු බැරෑරුම් ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයක් ඇති කර ගැනීමත් සමග පර්‍යේෂණය නතර විණ. පසුගිය වසන්ත කාලයේ AstraZenecaහි පර්‍යේෂණ ද තාවකාලික ව අත්හිටුවිණ.

ජොන්සන් සහ ජොන්සන් සමාගමේ එක්සත් ජනපදයේ එන්නත් අත්හදා බැලීමට පිරිස් ඉක්මණින් ම බඳවා ගනු ඇති බව එම සමාගම පවසයි. ඔවුහු ස්වේච්ඡාවෙන් සහභාගී වූ තැනැත්තා ගේ අසනීපයේ ස්වභාවය අනාවරණය නොකළත්, මනාව කළ අධ්‍යයනයක් “එන්නත විසින් එම රෝගී තත්ත්වය ඇති නොකළ බව” කියති.

වෙනත් රටවල ද මේ එන්නත් පර්‍යේෂණ සිදු කරන්නට එම රටවල නියාමකයන් සමග සාකච්ඡා කරන බව ද එම සමාගම කියයි.

Coronavirus vaccine final-stage testing to restart in US



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි