×

Covid 19 – නවසීලන්තයේ දින 100ක ප්‍රගතිය

නවසීලන්තයේ පසුගිය දින 100ක කාලය තුළ ප්‍රජා සම්ප්‍රේෂණය හරහා කිසිදු Covid 19 ආසාදිතයෙකු හඳුනාගෙන නැති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ. 


 

නවසීලන්තයේ පසුගිය දින 100ක කාලය තුළ ප්‍රජා සම්ප්‍රේෂණය හරහා කිසිදු Covid 19 ආසාදිතයෙකු හඳුනාගෙන නැති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

මේ වන විට රට තුළින් වාර්තා වී ඇත්තේ 1219ක් වන අතර මරණ සංඛ්‍යාව 22ක් ලෙස වාර්තා වී ඇත.

නවසීලන්තය මෙලෙස කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර තිබෙන්නේ සිය මිලියන 05ක පමණ රටවැසියන් සුරක්ෂිත බවට සහතික වෙමිනි.

අසල්වැසි ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි ලෙස වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන පසුබිමක නවසීලන්තය ඊට එරෙහි සාර්ථක සටනක නියැලී සිටින බව පෙනෙන්නට තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ඊට හේතුව තිබෙන්නේ නවසීලන්ත බලධාරීන් විසින් අඛණ්ඩව දිනකට දහස් ගණනක් ජනතාව පරීක්ෂණ සඳහා බඳුන් කිරීමයි.

වෛරසය පැවති ස්ථානවල යළිත් වරක්  වේගයෙන් එය පැතිර යමින් තිබෙන ආකාරය විදෙස් රටවලින් දැකගැනීමට ඇති හෙයින් ඔවුන් අනාගතයට සූදානම් බවයි එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඈශ්ලි බ්ලුම්ෆීල්ඩ් මහතා පවසා තිබෙන්නේ.

අනාගතය වෙනුවෙන් වේගයෙන් සූදානම් වෙමින් සිටින අතර සිය කණ්ඩායම කිසිම මොහොතක හෝ කොරෝනා පාලනයෙන් ඉවත් නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි