×

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 05 ඉක්මවයි

ප්‍රාන්ත 50 තුළම වෛරසය ව්‍යාප්ත වී පවතින අතර විරැකියා ප්‍රශ්නය ඇමරිකාව තුළ උඝ්‍ර වී තිබෙන බව සඳහන්.


මේ වන විට ඇමරිකාව තුළ Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වූවන් මිලියන 05 ඉක්මවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අන්දමට, රට තුළ කොරෝනා ආසාදිතයින් අවම වශයෙන් 5,161,245 ක් වාර්තා වී තිබෙන අතර ආසාදිතයින් 165,204 පමණ මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

තවදුරටත් ආසාදිතයින් දහස් ගණනින් වාර්තා වෙමින් තිබෙන අතර සෑම දිනකම පාහේ ආසාදිතයින් සිය ගණනින් මියයමින් තිබෙනවා.

ප්‍රාන්ත 50 තුළම වෛරසය ව්‍යාප්ත වී පවතින අතර විරැකියා ප්‍රශ්නය ඇමරිකාව තුළ උඝ්‍ර වී තිබෙන බව සඳහන්.

විරැකියාව පාලනය කරගැනීම සඳහා මූල්‍ය සහන ලබා දෙමින් පැවතියද මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට ඒ සඳහා අරමුදල් නොමැති තත්ත්වයක් මතුවබ්තිබෙන අතර පවතින අරමුදල් Covid 19 වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන බවයි එරට වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි