×

ගෙවුණු පැය 24 ට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 64,500ක්

ඒ අනුව ආසාදිතයින් වැඩියෙන් වාර්තාවන තුන්වෙනි රට ලෙස ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙළගස්වා ඇත.


ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 64,553ක් හඳුනාගෙන තිබෙන අතර 1007 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 2,461,190 වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව ආසාදිතයින් වැඩියෙන් වාර්තාවන තුන්වෙනි රට ලෙස ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙළගස්වා ඇති අතර ඉන්දියාව තුළ වෛරසයේ ව්‍යාප්තිය ඉතා වේගවත් වී ඇති බව පෙනෙන්නට තිබේ.

මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත මරණ 48,040ක් ලෙසද දැක්වෙයි.

මිලියන 1.7කට වැඩි ප්‍රමාණයකට සුවය ලැබී ඇති බවද ඉන්දීය රජය පවසා ඇත.

එමෙන්ම මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ඊයේ දිනයේදී වාර්තා වී තිබුණු අතර ඒ 66,999ක් ලෙසය.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි