×

කොරෝනාව බ්‍රසීල ජනාධිපති බෝල්සනාරෝ මට්ටු කරන හැටි!

ගෙවුණු පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පුද්ගලයින් 1188ක් මිය ගොස් තිබේ.


ගෝලීය වසංගතයක්ව පවතින Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට බ්‍රසීලය තැතිගන්වමින් සිටින්නේ දහස් ගණනින් මරණ වාර්තා කරමිනි. ගෙවුණු පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පුද්ගලයින් 1188ක් මිය ගොස් තිබේ.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 20,047ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සමස්ත ආසාදිතයින් ගණන 310,087ක් ලෙස වැඩි වී තිබෙන අතර පසුගිය 20 ද පමණක් ආසාදිතයින් 18,508ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලොවම සලිත කරමින් කොරෝනා වෛරසය පැතිරෙන විට බ්‍රසීල ජනාධිපති වරෙක එය හැඳින්වූයේ සුළු උණ රෝගී තත්ත්වයක් ලෙසිනි. එහෙත් මේ වන විට එම සුළු උණ රෝගය බ්‍රසීල ජනතාව දැඩි කම්පනයකට ලක්කර තිබෙන අතර දිනෙන් දින රෝග ව්‍යාප්තිය වර්ධනය වීමක් පෙන්නුම් කරමින් තිබෙන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාම තහවුරු කර සිටින්නේ.

මේ වන විට ජනාධිපති බෝල්සනාරෝ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මඟ යමින් කොරෝනා ප්‍රතිකාරයක් ලෙස මැලේරියා ඖෂධයක් වන ක්ලොරෝක්වින් භාවිතා කිරීමට උපදෙස් දී තිබේ.

ජනාධිපති බෝල්සනාරෝ තවත් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙන්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තවදුරටත් නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි තහවුරු කර නොමැති අතර ලොවම ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයේ පසුවන බවයි. බ්‍රසීලය මේ වන විටත් කොරෝනා වෛරසය සමඟ යුද්ධයක යෙදී සිටින බවද ඔහු සඳහන් කර ඇත.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි