×

කොරෝනාවෙන් බ්‍රසීලයේ 31,000ක් මිය යද්දී ඉන්දියාවේ ආසාදිතයින් 20,000 ඉක්මවයි

පසුගිය සඳුදා දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණේ මෙම වෛරසය ඇමරිකාව හා ලතින් ඇමරිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.


Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය තවදුරටත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ මේ වන විට බ්‍රසීලයේ එම වෛරසය අසාදනය වීමෙන් පුද්ගලයන් 31,199ක් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් මිය ගිය ආසාදිතයින් 1262ක් වාර්තා වී තිබේ.

එම කාලය තුළ එනම් දිනක් තුළ නව ආසාදිතයින් 28,936ක් වාර්තා වී තිබෙන අතර සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 555,383 ලෙස ඉහළ ගොස් තිබෙන බවයි දැක්වෙන්නේ.

පසුගිය සඳුදා දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණේ මෙම වෛරසය ඇමරිකාව හා ලතින් ඇමරිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මේ අතර ආසියානු කලාපය තුළ කොරෝනා ව්‍යාප්තිය හා එහි අවධානම ඉන්දියාව තුළ වැඩිවශයෙන් දැක ගත හැකි අතර මේ වන විට ඉන්දියාවෙන් හඳුනගෙන තිබෙන ආසාදිතයින් 200,000 ඉක්මවා තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි එය 207,615ක් ලෙස දැක්වෙයි.

ගෙවුණු පැය 24ක් කාලය තුළ ආසාදිතයින් 8,909ක් වාර්තා වී ඇති බව සඳහන්.

5800කට වැඩි පිරිසක් මෙම වෛරසය ආසදනය වීම නිසා මිය ගොස් ඇත.

මෙම තත්ත්වය මත ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව කොරෝනා වෛරසය් ආසාදනය වූවන් 200,000 ඉක්මවූ 07 වැනි රට ලෙස දැක්වෙන්නේ ඉන්දියාවයි.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි