×

ඔස්ට්‍රියාව සම්පූර්ණයෙන් ලොක්ඩවුන් – මීළඟට ජර්මනිය!

යුරෝපය පුරා කෝවිඩ් 4 වන රැල්ල පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙසට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරන යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත් වෙයි.


මේ අනුව ඔස්ට්‍රියාව තව දින 2 කින්, එනම් සඳුදා දිනයේ පටන් ලොක්ඩවුන් තත්වයට පත් කිරීමට නියමිත ය.

ඔස්ට්‍රියානු චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලෙන්බර්ග් පවසන්නේ ‘උපරිම දින 20 ක් සඳහා‘ මෙම ලොක්ඩවුන් තත්වය ක්‍රියාත්මක වනු ඇති බවයි.

තවද පෙබරවාරි 1 වැනිදා පටන් ඔස්ට්‍රියාවේ ජීවත් වන සියලුම දෙනා එන්නත්කරණයට ලක් විය යුතු බවට නව නීතියක් ද පැනවීමට නියමිත ය.

නමුත් ඔස්ට්‍රියාවේ සිටින ‘රැඩිකල් එන්නත් විරෝධීන්‘ ලෙසට හැඳින්වෙන පිරිස් බොහොමයක් තවමත් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.

‘‘අපට 5 වැනි කෝවිඩ් රැල්ලක් එපා! ඒ නිසා අපි මුළු රටම වහනවා..‘‘ යැයි ද ඔස්ට්‍රියානු චාන්සලර්වරයා පවසයි.

යුරෝපයේ ජනගහනයෙන් ලක්ෂයකට වැඩිම කෝවිඩ් ආසාදන වාර්තා වෙමින් තිබෙන රටවල් 4 මේ වන විට මෙසේ ය.

  1. ඔස්ට්‍රියාව
  2. නෙදර්ලන්තය
  3. එක්සත් රාජධානිය
  4. ජර්මනිය

මීළඟට ජර්මනිය

විදෙස් වාර්තා පවසන්නේ ඔස්ට්‍රියාව අනුගමනය කරමින්, මීළඟට ජර්මනියද පූර්ණ ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවයි. මේ වන විටත් එහි කඩසාප්පු, සිනමා ශාලා සහ පාසල් යනාදිය වසා දැමෙමින් තිබේ.

ඔස්ට්‍රියාවේ අසල්වැසියා වන ජර්මනිය පවසන්නේ තමන් කෝවිඩ් සිව්වන රැල්ල හේතුවෙන් ‘ජාතික හදිසි තත්වයක්‘ වෙත මුහුණ පා ඇති බවයි.

උදා වෙමින් පවතින නත්තල හේතුවෙන් යුරෝපයේ කෝවිඩ් පැතිර යාම මෙවැනි ක්‍රියාමාර්ග නොගතහොත් පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වනු ඇත.

පෙර ලිපිය

යුරෝපයට කෝවිඩ් 4 වන රැල්ල – ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් ලබන සතියේ සිට ලොක්ඩවුන්

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි