×

කොවිඩ් හරඹයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වෙතින් හඳුන්වා දුන් එන්නත සාර්ථක ද?

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සාමාන්‍ය ශීතකරණ තත්ත්වයන් තුළ බහාල තැබි ය හැකි බවත්, වෙනත් එන්නත් වලට සාපෙක්ෂව භාවිතය වඩා පහසු බවත් වාර්තා වෙයි. 


මේ වන විට කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට එන්නත්කරණය ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩෙර්නා වැනි විවිධ කොවිඩ් එන්නත් අතර මෑත දී කතාබහට ලක්වූ තවත් එන්නතක් වන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම වෙතින් හඳුන්වා දුන් එන්නතයි.

වෙනත් එන්නත් මාත්‍රාවන් දෙකකට අනුව ලබාදීම සිදුවිය යුතු වූවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දිය යුත්තේ එක් මාත්‍රාවක් පමණක් බවට වාර්තා වෙයි.

එමෙන්ම එහි සාර්ථකභාවය සැසඳූ කළ කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් පෙන්වන රෝග ලක්ෂණ බොහොමයක් අරඹයා 85% ක සාර්ථකභාවයක් පෙන්නුම් කරන බව ද වාර්තා වේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පෙන්වා දෙන්නේ තම එන්නත ලබා දීම සිදුකළ රටවල් වල මධ්‍යස්ත තත්ත්වයේ සිට බරපතල තත්ත්වය දක්වා පසුවන කොවිඩ් ආසාදිතයින් හට එන්නත ලබා දීම තුළ 66% ක සාර්ථකභාවයක් පෙන්නුම් කර ඇති බවයි.

ඒ එන්නත්කරණය ආරම්භ කර පළමු දින 28 න් පසුව ය.

ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩෙර්නා සහ නවතම නොවාවැක්ස් ඇතුළු එන්නත් අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සුවිශේෂී වන්නේ එය තනි මාත්‍රාවක් ලෙස ලබා දිය හැකි නිසා ය.

වෙනත් එන්නත් ලබාදීමේ දී සති කිහිපයක පරතරයකින් යුතුව මාත්‍රාවන් දෙකක් ලබා දිය යුතු වෙයි.

එපමණක් නොව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සාමාන්‍ය ශීතකරණ තත්ත්වයන් තුළ බහාල තැබි ය හැකි බවත්, වෙනත් එන්නත් වලට සාපෙක්ෂව භාවිතය වඩා පහසු බවත් වාර්තා වෙයි.

එය තක්සේරු කර ඇත්තේ ඩොලර් 10 පමණ මුදලකට වන අතර, එය වෙනත් එන්නත් වලට සාපෙක්ෂව ලාභදායී මුදලකි.

මීට අමතරව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් විසින් හඳුන්වා දුන් එන්නත කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේදයන් බොහොමයකට සාර්ථකව ප්‍රතිචාර දක්වන බවට ද තොරතුරු වාර්තා වේ.

සමාගම පවසන්නේ විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ හටගත් පාලනය කිරීමට අපොහොසත් වූ කොවිඩ් ප්‍රභේදයට පවා මෙය සාර්ථකව ප්‍රතිචාර දක්වන බවයි.

බ්‍රිතාන්‍යය මේ වන විට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ මාත්‍රාවන් මිලියන 30 ඇණවුම් කර ඇති අතර, එම එන්නත ට ඖෂධ හා සෞඛ්‍ය නිශ්පාදන නියාමන ඒජන්සියේ (MHRA) අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද සිටී.

මේ අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හා ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු දිගටම සිදුවන අතර, ඒ තුළින් එන්නත වැඩිදියුණු කළ හැකි අන්දම පිළිබඳව ද සොයනු ලබනු ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි