×

කොවිඩ්-19 නිසා චීනයේ කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් මිලියන 100කින් අඩු වෙයි

.


වර්තමානයේ ජීවත් වන මිනිස් ජීවිත මුහුණ දුන් දරුණුතම ගෝලී්‍ය වසංගත තත්ත්වය කොරෝනා වසංගතය හේතුවෙන් අන් සියල්ලට පෙර පීඩාවට පත් වූයේ චීනයයි. ඒත් සමග චීනයේ බලශක්ති ඉල්ලුම සහ කාර්මික නිෂ්පාදනය සීග්‍රයෙන් අඩුවීම බලා සිටියදී සිදු වූ වූයේ ඊට දායක විය හැකි මිනිස් ක්‍රියාකාරකම් සියල්ල අඩපණ වීම හේතුවෙනි. මේත් සමග මේ මොහොත වන විට චීනයේ වායුගෝලය අදහා ගත නොහැකි ලෙස නැවුම් වී ඇති අතර පැවති ප්‍රමාණයට වඩා කාබන්ඩයොක්සයිඩ් විමොචනය මෙට්‍රික් ටොන් මිලියන 100කින් අඩු කරයි.

දේශ ගුණය පිළිබද ලාභ නොලබන සංවිධානයක් වන කාබන් බ්‍රීෆ් මගින්සි සුදු කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසයේ පුළුල් බලපෑම සහ සංචාර සීමා කිරීම්,දිගු නිවාඩු, අඩු ආර්ථික ක්‍රියාකරකම්,ආදිය මේ සදහා හේතු සාධක වී ඇති බනයි. 2019 වසරේ මෙම කලාපරිච්ඡේදයට සමාන කාලයේදී කාබන් ඩයෝක් සයිඩ් මෙට්‍රික් ටොන් මිලියන 400ක් චීනයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලදී විමෝචනය කර ඇත.නමුත් මෙම වසරේදී එය මිලියන 300ක් දක්වා පහළ බැස ඇත.

එමෙන්ම මෙම කාලය තුළ චීනයේ නව අවුරුදු සැමරීමේ ක්‍රියාකාරකම් අඩපණ වීමද මෙම තත්ත්වය උදා වීමට හේතු වී ඇති බව මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇත. ප්‍රවාහණය සහ ගමන් බිමන් අවම වීඹත් සමග පොසිල ඉන්ධන දහනය අවම වීම, පෙර වසර 4ක් තුළ අඩුම තත්ත්වය වාර්ථා විය. හිසු වූ නගර සහ පොදු ප්‍රවාහන සේවා විශාල වශයෙන් මීට බලපෑ අතර තෙල් පිරිපහදු ක්‍රියාවලිය මගින් විමෝචනය වන කාබන් ප්‍රමාණය පහළ ගොස් ඇත.

මෙම තත්ත්වය මේ වන විට ලොව අනෙකුත් රටවලද ඇති වෙමින් පවතින බව නාසා ආයතනය මගින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලි විය. කෙරෝනා වසංගකයේ ව්‍යාප්තිය ගෝලීය වායු දූෂණය අඛණ්ඩව පහත හෙළමින් පවතින බව ලෝකයේ බොහෝ රාජ්‍ය්‍යන්ගේ පාරිසරික තත්ත්වයන් මේ වන විට ඔප්පු කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි