×

සමස්ත ජනගහනයෙන් 58%ක් දෙවැනි මාත්‍රාවත් ලබාගෙන තිබියදී තුන්වැනි කොරෝනා රැල්ලත් එංගලන්තයට

ඊයේ දිනයේ තෙවැනි කෝවිඩ් රැල්ල ද එක්සත් රාජධානියට පැමිණ ඇති බව නිවේදනය විය.


ඊයේ දිනයේ තෙවැනි කෝවිඩ් රැල්ල ද එක්සත් රාජධානියට පැමිණ ඇති බව නිවේදනය විය.

ඒ, ගතවූ පැය 24 ඇතුළත නව කෝවිඩ්-19 ආසාදනයන් 11,007 ක් සහ මරණ 19 ක් වාර්තා වීමත් සමග ය.

මෙය, එයට පෙර දිනයේ වාර්තා වූ ආසාදිතයන් 9,055 සහ මරණ 9ට සාපේක්ෂව හදිසි සහ විශාල වැඩි වීමකි.

පෙබරවාරි මාසයෙන් පසු එක්සත් රාජධානියෙන් වාර්තා වන බරපතළම තත්වය මෙයයි.

බදාදා දිනයේ එක්සත් රාජධානි වැසියෝ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් (195,565) කෝවිඩ් වැක්සිනයේ පළමු මාත්‍රාව ලබාගත්හ. ඒ අනුව පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 42 ක් දක්වා ඉහළ යයි.

මෙහි අර්ථය, එක්සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් 80%ක් එන්නත්කරණයට ලක් කර තිබෙන බවයි.

මේ අතර, 234,834 ක් දෙනා සිය දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත.

එහි අර්ථය වන්නේ එක්සත් රාජධානියෙන් 58.2%ක් දෙනා (30,675,207)සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබෙන බව ය. එසේ තිබියදී පවා තුන්වැනි රැල්ල ඇරඹුණු බව ය.

ඉදිරි සති කිහිපය තුළ එක්සත් රාජධානියේ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන තවත් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා රැසක් පෙන්වා දෙන්නේ මෙම හදිසි කොරෝනා වෛරස් හිස එසවීමට සම්පූර්ණයෙන්ම පාහේ වග කිව යුතු වන්නේ ‘ඩෙල්ටා වේරියන්ට්‘ හෙවත් ඉන්දියානු ප්‍රභේදය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි